සියාතුවේ මා මිතුරේ
- මාධව විජේසේකර
- Jun 25, 2017
- 1 min read



සියාතුවේ මා මිතුරේ
අඳ කුඹුරට ආල වඩන සියාතුවේ සියාතුවේ මා මිතුරේ සැදුවා පැලපත සත්තයි නුඹේ අතින් ලැබුණා බැත පෙර කන්නේ බුසල් බරින් වැසුවා වැසුවා සොරොව්ව වතුර හොරුන් දැවුනා සිත දැවුනා කෙත කර සුළඟින් සියාතුවේ...
අඬලා කුමට ද මිතුරේ සියාතුවේ හැමදා මුව රළ වාගේ සිටිනු නොහේ ඇරලා එමු මහ සොරොව්ව මෙදා වැවේ ගලනා දිය අප හැමටයි සියාතුවේ
සියාතුවේ...
සුනිල් එදිරිසිංහ මහතා ගායනා කරන මේ ගීතය රචනා කරන්නෙ වසන්ත කුමාර කොබවක මහතා. 80 දශකයේ මැද භාගයේ ඔහු සේවය කළේ වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ වන සංගණන ව්‍යාපෘතියක. නුවර කලාවිය හෙවත් වැව් බැඳී රාජ්‍යයේ ඔහු එවකට සේවය කළේය. දිනක් ඔහු රාජකාරියේ නිරත වෙමින් සිටියදී තම පිරිස සමග වනගත පෙදෙසක් හරහා දුෂ්කර ගම්මානයකට පැමිණෙනවා. වතුර නැතුව වියලී ගිය වටපිටාව ඉතා කටුක නිසාම ඔහු අසල නිවසකින් බීමට ජලය ඉල්ලා ගන්නවා. කිහිළි කරුවෙන් නිවසට එන ගෙහිමියා දැක ඔහුගේ සිතට පහළ වූ අදහස් ගීතයකට ගලපනවා. වැසි වැටී ප්‍රධාන වැව පිරී තිබුනත් වැරදි ජල කළමනාකරණය නිසා මේ දුෂ්කර ගම්මානයේ ජනතාවට බීමට පවා ජලය නොලැබී තිබේ. වාරු නොමැති ගෙහිමියා "සියාතුවේ" නමින් ආමන්ත්‍රණය කර ඔහු ලියූ ගීතය අතරතුර මේ තත්වය වෙනස් කළ යුතුයැයි පවසනවා. එය මෙම ජනතාව අතරින්ම පැනනැගිය යුත්තක්. අහිංසක ජනතාව මුවන්ට උපමා කරන ඔහු, එසේ නොසිට තමන්ට හිමි ජලය ලබාගැනීමට පෙරට එන ලෙස ගැමි ජනතාවට ආරාධනා කරනවා.
Comments