සිතින් විතරක් පෙම් කරන්නම්
- මාධව විජේසේකර
- Jun 25, 2017
- 1 min read



සිතින් විතරක් පෙම් කරන්නම්
දුරින් හිඳ ඔබ දෙස බලන්නම් ළංව ඉන්නට බෑ ඔබේ අපට අප හිමි නෑ ලොවේ ඔබට මා හිමි නෑ... මට ද ඔබ හිමි නෑ... නිසල නෙතින් ඔබ මදෙස බලා ඉඳී දෙතොල් ඔබගේ මදහසින් සැරසේ දෙනෙත් ඔබ වෙත පා කරනු බෑ දෙතොල් සිනහා මවනු මට බෑ අපට අප හිමි නෑ ලොවේ ඔබට මා හිමි නෑ මටද ඔබ හිමි නෑ... සසල වුණත් මගෙ සිතිවිලි ඔබ ළඟ නිසල කරන් මම ඉන්නම් සෑම දින කාත් කවුරුවත් නොමැති මා හට ඔබත් අහිමිව ගියපු අරුමය අපට අප හිමි නෑ ලොවේ ඔබට මා හිමි නෑ මට ද ඔබ හිමි නෑ
චාමර වීරසිංහ ගායනා කරන මේ ගීතය කාගේත් පොදු අත්දැකීමක් ගැන කියවෙන්නක් කිව්වොත් නිවැරදියි. තරුණ කාලයේ සිතේ ඇතිවන නමුත් සැබෑ කරගත නොහැකි ආදරය ගැන මෙයින් කියවෙනවා. ගීතය රචනා කළේ ආරාධනා ඒකනායක. ඇය වෘත්තියෙන් ශ්‍රී එෆ්. එම්. ගුවන් විදුලියේ නාට්‍ය අංශයේ ජ්‍යෙෂ්ඨ විධායකවරියක්. මෙය ඇය විසින් ලියූ පළමු ගීතය. ගීතය ජනතාව අතර ඉතාමත් හොඳින් ජනප්‍රිය වුණා. මෙය චාමර වීරසිංහගේද පළමු ගීතයයි. ආරාධනා පළමුව ගීතය රචනා කර රන්සිළු ඕඩියෝ ආයතනයට ලබා දී තිබෙනවා. ඉන්පසුව නවරත්න ගමගේ මහතා විසින් එයට තනුවක් සකස් කර චාමර වීරසිංහගේ ගායනයට ලබා දී තිබෙනවා.
Commentaires