විසිරුණු මල් පෙති
- මාධව විජේසේකර
- Jun 25, 2017
- 1 min read



විසිරුණු මල් පෙති දෝතට ගත් කුමරී
ඒ පෙති එක් කර මලක් සොයන බොලදී සරදම් නොකරමි ආදරයෙන් කියමී
විසිරුණු පෙති යළි මලක් නොවෙයි නැගණී
වෙරළ සොයා රළ පෙළ දිව ආවත් වෙරළට කිසිදා දියබ දකිනු හැකිදෝ බදට පියාපත් යුවලක් ලැබුනත්
අහස දෙකෙලවර නුබට දකිනු හැකිදෝ
බබරුන් පසුපස මල් දිව නොගියත් අවමන් වින්දේ මල් කුලයම නොවෙදෝ
මෙදහම් නුවනින් නුබ නොදුටුවොතින් නුබේ සුසුම් ගිණි බොල් අහසම නොවෙදෝ
ලාබාල වයසේ ඉන්න නංගි කෙනෙකුත් එක්ක, අයියා කෙනෙක් නීතිඥ කාර්යාලයකට ගොඩවෙන්නේ සල්ලාලයකුට රැවටිලා එයින් කෙලෙසුණු තමන්ගේ නංගිට නීතියේ පිහිට ලබා ගන්න. එයාලා ගොඩින් මඩින් අක්කර ගණන් තියෙන පොහොසත්තු නෙවෙයි. ඒත් ඒකයි කියලා තමන්ගේ නංගිට වුණු අසාධාරණය දිහා හිස් ඇස්වලින් බලාගෙන ඉන්න ඇගේ සහෝදරයා සූදානම් නැහැ. විත්තිකාර පාර්ශවයේ ඉන්න, ඒ තරුණියව මේ තත්වයට ඇදලා දැම්ම සල්ලාලයා සල්ලි, බලය දෙකම තියෙන පුද්ගලයෙක්. කොයි විදියට නඩුව කතා කරත්, ඒ බලය එක්ක, සල්ලි එක්ක හැප්පෙන්න මේ අයියාටත් නංගිටත් බැරි බව මේ නීතිඥවරයා වටහාගන්නවා.
ඒ නීතිඥවරයාගේ අත්දැකීම පදනම් කරගෙන තමයි අතුල අධිකාරි ගායනා කරන මේ ගීතය ලියවිලා තියෙන්නේ. අයියා කෙනෙක් තමන්ගේ ආදරණීය සහෝදරියට අවවාද කරන විදිය දැක්වෙන ආකාරයට මේ ගීතය රචනා වෙන්න ඇත්තේ, මෙයින් මත්තට ඒ වගේ ඛේදනීය සිද්ධීන් නොවේවා කියන ප්රාර්ථනාවත් එක්කම වෙන්න ඇති.
Comments