රෑ සිහිනේ
- මාධව විජේසේකර
- Jun 25, 2017
- 1 min read

රෑ සිහිනේ... ඔබ ළග මා සැනසෙනවා මා සැබැවින් ඔබ ලග සිත ලතවෙනවා මේ බැදුනු සෙනේ කෙදිනද මා පවසන්නේ ආදරිය කියා කෙලෙසද මා අමතන්නේ අපේ ලොවේ කෙදිනද අප හමුවන්නේ රෑ සිහිනේ... ඈ සනසමින් ගී වැල් ගයමි මෙමා ඒ මිහිරි ලොවේ සෙනසුම මා ලැබ ගන්නම් කුමරියනේ කිමද මා ගැන නොසිතන්නේ රෑ සිහිනේ...
මේ ගීතය නාමල් උඩුගම මහතාගේ ඉතා ප්‍රසිද්ධ ගීතයක්. එයින් කියවෙන කතාව ගැන ලක්බිම පුවත්පතක ලිපියකින් සොයාගැනීමට හැකි වුනා. පුවත්පතට අනුව ගීතය රචනා කර තිබෙන්නේද නාමල් උඩුගමයි. ඒ නිසා නාමල් උඩුගමත් වාග්ගේයකාරයෙක් ලෙස අපිට හඳුන්වන්නට පුළුවන්. ඒ කාලයේ ඔහු ගීත ගායනා නොකලත් ගායකයකු වීමට සිහින මවමින් සිට ඇත. ඔහු නුවර ප්‍රදශයේ සිට කොළඹ අවුත් නතර වෙලා ඉඳල තියෙන්නේ ඔහුගේ නැන්දලගේ නිවසේ. ඒ කාලයේ සිටි ඔහුගේ මිතුරෙකුගේ ප්‍රේම පලහිලව්වක් ගැන ගීතයේ සඳහන්.
ඒ කාලයේ මිතුරාගේ සිත ලොකු පවුලක ගැහැණු ළමයකු කෙරේ බැඳී තිබුණ. නමුත් ඒ ගැහැණු ළමය ඒක දැනගෙන හිටියේ නැහැ. ඔහු සැම විටම ඇයගේ සිත දින ගැනීමට උත්සහ කළා. නමුත් ඇය ඔහුව ගණන් ගත්තේ නැහැ. කොච්චර ආදරය කලත් එය යථාර්තයක් බවට පත් කරගත නොහැකි වීම නිසා නාමල්ගේ මිතුරා ඉතා අසරණ වෙලා සිටියාලු. මේ සිදුවීම මුල් කරගෙන නාමල් ඔහුගේ දෙවන ගීත රචනාව ලිව්වා. පසු කලෙක ශිහාන් මිහිරංග විසින් මෙම ගීතය නව සංගීතය මුසු කර ගයනා කරනු ලැබුවා.
Comments