top of page
Search

මල් මිටක් තියන්න

  • මාධව විජේසේකර
  • Jun 25, 2017
  • 1 min read

හඬ සහ තනුව : කසුන් කල්හාර

පද : වෛද්‍ය ප්‍රභා කුමාර රාජගුරු

මල් මිටක් තියන්න ඔබ අතේ

මට කියා කොයින්ද මල් වනේ ජීවිතේ විසල් නදී තෙරේ තුරු හිසත් මලත් ඔබයි මගේ සොදුරු කවි ලියාන හිත් කොනේ තාරුකා වහින රාත්‍රියේ ගෙල වටේ ගිලී හමා ඇදි නළරැළී ඔබයි මගේ තුරුලතා පවා දුකෙන් වගේ අතවනා සොයන්නෙ ඔබ කොහේ හැන්දෑව වගේ සෞම්‍ය වී නිදා ඉන්න මගේ හදේ


කසුන් කල්හාර ගායනා කරන මේ අතිශය ජනප්‍රිය ගීතය රචනා කරන්නෙ වෛද්‍ය ප්‍රභා කුමාර රාජගුරු මහතා. මෙය ඔහු විශ්වවිද්‍යාලයේ ඉගෙනුම ලබන අවධියේ ඔහුගේ ජීවිතයේ අත්දැකීම් අලලා ලියන ලද්දක්.


ප්‍රභා කුමාර රාජගුරු මහතා විශ්වවිද්‍යාලයට එන්නේ වියලි කලාපයේ දුෂ්කර ප්‍රදේශයක සිටයි. එසේ සරසවියට පැමිණි ඔහු යුවතියකට සිතින් පෙම් බැන්දා. පසු කලෙක ඔවුන් පෙම්වතුන් වුණා. වෛද්‍ය පීඨයේ තුන් වන වසරේ සිටි ඔහුට පෙම්වතෙක් විදිහට ගොඩක් දේවල් පිලිබඳ සිතින් දුක් විඳින්නට සිදු වුණා. දුෂ්කර ප්‍රදේශයක සිට පැමිණි ඔහුට තම ප්‍රේමය පිලිබඳ සිතට ආ දේවල් ගීතයකට එකතු කළා. වෛද්‍ය විද්‍යාලයේ සිටියත් කලාවට ඇදී ගිය හිත නිසාම ඔහු නිතරම කළා වැඩකටයුතු වල නිරත වුණා. පසුව ඔහු මෙම ගීත රචනාව කසුන් කල්හාරට බාර දුන්නා.


කසුන් කල්හාර මෙයට අලංකාර සංගීතයක් එකතු කර අලංකාර ලෙස කළ ගායනය ගීතය ඒක රැයකින් ජනප්‍රිය වීමට හේතුවක් වුණා. ගීතයේ සංගීතය බටහිර ජන සංගීත ශෛලියකට අනුව සාදන ලද්දක්.

Comments


Featured Posts
Recent Posts
Archive
Search By Tags

© 2016 by Madhawa Wijesekara. Proudly created with Wix.com

Send me your comments

Success! Message received.

bottom of page