top of page
Search

මං ආසයි හිනාවෙන්න

  • මාධව විජේසේකර
  • Jun 25, 2017
  • 1 min read

හඬ : තීක්ෂණ අනුරාධ

පද : නවෝද් නිලංග

තනුව : රංජිත් ප්‍රේමවීර

මං ආසයි හිනාවෙන්න ජීවිතයම ඔබත් එක්ක නොවරදවාම ඔබ එන විට සිනා මලක් අරන් එන්න

මං ආසයි යාළු වෙන්න ජීවිතයම නුඹත් එක්ක නොවරදවාම ඔබ එන විට ළෙන්ගතුකම අරන් එන්න මං ආසයි නුඹත් එක්ක සෙනේහයේ සුව විඳින්න අද ඇවිදින් නුඹ යන විට තුටු කඳුළක් තබා යන්න

මං ආසයි හිනාවෙන්න...


ජනප්‍රිය ගීතයක් වන තීක්ෂණ අනුරාධ ගායනා කරන මේ ගීතය රචනා කරලා තියෙන්නේ කොළඹ අශෝක විද්‍යාලයේ ඉගෙන ගන්න නවෝද් නිලංග නම් සිසුවා. ඔහු 11 වන ශ්‍රේණියේ ඉගෙන ගන්නා සමයේ වුණු සිදුවීමක් මෙම ගීතයේ ආරම්භයට හේතු වුණා. නවෝද් පුරුද්දක් ලෙස කවි ගීත රචනා කරනවා කියල පාසලේ මිතුරන් හොඳින් දන්නවා. ඒ නිසාම ඔහුගේ මිතුරෙක් තම සිත්ගත් ගැහැණු ළමයෙකුට යැවීමට කවි පන්තියක් ලියා දෙන්න ඔහුගෙන ඉල්ලා සිටියා. නවෝද් ඔහුගේ සිතට ආ අදහස් වලින් ලියු කවි පන්තිය පාසලේ ඉගැන්වීම් කරන අතරතුර කියවමින් සිටින විට ඔහුගේ ගුරුවරයාට හසු වුණා.


ගුරුවරයා ඔහුව නියෝජ්‍ය විදුහල්පති නන්දසේන පතිරණ මහතා ලඟට ගෙනගියේ දඬුවම් කරන්න. නමුත් කවි පෙළ කියවූ ඔහු එය විදුහල්පතිතුමාට යොමු කළා. දෙදෙනාම නවොද්ගේ හැකියාව හොඳින් හඳුනාගත්තා. ඉන්පසු දඬුවමෙන් මිදුණු නවොද්ගේ ගීතය පාසලේ සංගීත ආචාර්ය රන්ජිත් ප්‍රේමවීර මහතාගේ සංගීතයෙන් හා කලක් ඔහුගේ ගෝලයකුව සිටි තීක්ෂණ අනුරාධගේ ගායනයෙන් අලංකාර ගීතයක් බවට පත වුණා. ගීතය වෙනුවෙන් සැකසූ දර්ශණ පෙළ සුමින්ද සිරිසේන මහතාගේ පුත් නන්දිත සිරිසේන විසින් සත්‍ය කතාව ඇසුරු කරගෙන සකසන ලද්දක්.

Комментарии


Featured Posts
Recent Posts
Archive
Search By Tags

© 2016 by Madhawa Wijesekara. Proudly created with Wix.com

Send me your comments

Success! Message received.

bottom of page