top of page
Search

දිල්හානී දුවණී

  • මාධව විජේසේකර
  • Jun 25, 2017
  • 1 min read

හඬ : ඉන්ද්‍රාණි පෙරේරා

පද සහ තනුව : ක්ලැරන්ස් විජේවර්ධන

දිල්හානී දුවණී නාඬා නිදියන්නේ නිවසට සුරතල් ආලෝකය වී නාඬා නිදියන්නේ

දෑත දෙපා සලමින් ඇය කරනා සුරතල් දැක ගන්න වාසනව මට ගෙන දුන් දියණී සුරතල් දිල්හානී රං ඔන්චිල්ලේ ඇයව හොවාලා පදවන්නට සිතුණා රං තැටියේ කිරි පැණි පුරවාලා ගෙන එන්නට සිතුණා රංවන් තටු ඇති සමනළයින් දැක ඇයගේ දෙතොල් පිපුණා රන්වන් මුහුණේ ලස්සන දැකලා සිපගන්නට සිතුනා දිල්හානී දුවණී නාඬා නිදියන්නේ නිවසට සුරතල් ආලෝකය වී නාඬා නිදියන්නේ

ඉන්ද්‍රාණි පෙරේරා මහත්මිය ගයන කරන මේ ගීතයෙන් කියවෙන්නේ සුරතල් දියණියක් පිළිබඳව. ගීතය රචනා කර තිබෙන්නේ ක්ලැරන්ස් විජේවර්ධන මහතා. ගීතයේ කියවෙන දිල්හානි දියණිය නම් සිරිසඟබෝ කොරයා මහතාගේ දියණිය වන දිල්හානි කොරයා මහත්මියයි. ක්ලැරන්ස් විජේවර්ධන මහතා 'මූන්ස්ටෝන්' සංගීත කණ්ඩායමේ පුහුණු වීම් සිදුකලේ කොරයා මහතාගේ නිවසේ. දිල්හානි කොරයා මහත්මිය පවසන ආකාරයට ගීතයේ ඇරඹුම මෙසේ සිදුවිය;


"පුංචි කාලේ මම හරියට අඬනවාලු. ඉතින් මාව නලවන්න අන්කල් මාව තොටිල්ලේ තියලා තොටිල්ල හෙමිහිට පද්ද පද්ද අන්කල්ගේ ගිටාර් එක වාදනය කරද්දි මම අඬන්නේ නැතිව අන්කල් කියන සින්දු අහගෙන ඉන්නවාලු. ඔය වගේ දවසක මාව නලවන කොට තමයි අංකල්ට හිතුණේ මම වෙනුවෙන් ගීයක් නිර්මාණය කරන්න."

Comments


Featured Posts
Recent Posts
Archive
Search By Tags

© 2016 by Madhawa Wijesekara. Proudly created with Wix.com

Send me your comments

Success! Message received.

bottom of page