ගිනි මලක්
- මාධව විජේසේකර
- Jun 25, 2017
- 1 min read



තනුව : ලලිත් වික්‍රම
ගිනි මලක් පිපුණාය දොරකඩ
වරක් නොව තව වතාවක් සඳක් සේ දිළිසුණා පුරපස පිපුණි දොරකඩ රන් මලක්
මදහසක් දිලිසීය මුව අග නිමේෂයකට කඩ ඉමක් ඇර නමුදු ඒ හස කඩා කඩඉම් ගෙනගියා අප අනන්තය වෙත
දුටිමු අප ඇගෙ ඇසිපියන් යට දෙසිත් කැළඹූ නිල් උපුල් යුග දැවි දැවී සැනසුනා අප සිත් තැබී ඈ තව පියවරක් දුර
සිංහල ගීත ඉතිහාසය තුල පද රචකයන් කිහිප දෙනෙකු විසින් රචනා කළ ගීත ඉතා විරලයි. කිත්සිරි ජයසේකර මහතා ගායනා කරන මේ ගීතයත් ඒ වගේ ගීත රචකයන් දෙදෙනෙක් විසින් රචනා කරන ලද්දක්. ගීත රචකයන් වන්නේ දැනට විශ්වවිද්‍යාල කථිකාචාර්යවරුන් වන ආචාර්ය ධම්ම දිසානායක සහ කීර්ති ආරියදාස යන මහත්වරුන්.
ගීතය රචනා කර තිබෙන්නේ ඔවුන් දෙදෙනා විශ්වවිද්‍යාලයේ අධ්‍යපනය ලබන අවධියේ. ගීතය නිර්මාණය කිරීමට හේතුවත් ඉතා අපූරු කතාවක්. ඔවුන් විශ්වවිද්‍යාලයේ අධ්‍යාපනය ලබන කාලයේ ඉඳල තියෙන්නෙ එකම බෝඩිමක. දවසක් ඒ බෝඩිමට ලස්සන ගෑණු ළමයෙක් එනවා යම් කිසි පණිවිඩයකට. ඔවුන් දෙදෙනාම ඒ ගෑණු ළමයව දැකල ඇය ගියාට පස්සෙත් ඇය ගැනම කතා කරන්න ගන්නවා. ඒ අතරේ දෙයියෝ දුන්න වගේ ඇය ආයෙත් ඔවුන්ගේ බෝඩිමට එනවා. දෙපාරක්ම තමන්ගේ බෝඩිම ඉදිරියේ පෙනී හිටපු මේ තරුණිය දැකල ඔවුන් තම සතුට දරාගන්න බැරුව ඒ සිතුවිලි සමුදාය ගීතයකට නැගුවා. දෙදෙනාගේම අදහස් වලින් ලියපු මේ ගීතයට ඉතාම අලංකාර තනුවක් යොදන්නේ ලලිත් වික්‍රම මහතා.
Comments