top of page
Search

ඔබේ සිනා ළඟ නෙත නැවතුනු දා

  • මාධව විජේසේකර
  • Jun 25, 2017
  • 1 min read

තනුව සහ හඬ : ජගත් වික්‍රමසිංහ

පද : දේශාංජලී වික්‍රමසිංහ

ඔබේ සිනා ළඟ නෙත නැවතුනු දා ඔබේ කතා ළඟ සිත නැවතුනු දා ප්‍රේමය හැදින්නෙමි // මේ ලෝ තලයේ // කුමටද උපමා ඉතිහාසයේ උන් ප්‍රේමවන්තයින්ගෙන් .. කුමටද ආදරයේ පෙම් සැමරුම් පෙම් පාරාදීසේ .. ඉමක් කොනක් නැති ආකාසේ තරු පායා එන සේමා .. ඉමක් නිමක් නැත පෙම් හදවත් තුළ පෙම් සිතුවිලි බෝමා ඔබේ සිනා ළඟ ...

ජගත් වික්‍රමසිංහ මහතා ගායනා කරන ඉතා කෙටි පද පෙළක් සහිත මේ ගීතයට තියෙන්නෙ අපූරු කතාවක්. ගීතය රචනා කරලා තියෙන්නේ ජගත් වික්‍රමසිංහ මහතාගේ වැඩිමල් සහෝදරිය වන දේශාංජලී වික්‍රමසිංහ මහත්මියයි.


එම මහත්මිය පවසන අන්දමට ගීතය රචනා කරලා තියෙන්නෙ ඇය මොරටුව විශ්වවිද්‍යාලයේ අධ්‍යාපනය ලබන කාලෙ. විශ්වවිද්‍යාල සමය කියන්නේ ප්‍රේමය අතින් ගත්තොත් ඉතා මිහිරි කාලයක්. සම වයසේ අය ඇසුරු කරන විට පෙම් සිතුවිලි සිතට ගලා එනවා. 80 දශකය අග භාගයේ විශ්වවිද්‍යාල අධ්‍යාපනය ලැබූ ඇයටත් මේ ආකාරයේ අත්දැකීමක් ලැබුණා. එවන් අවස්ථාවක සිතට ආ සිතුවිලි සමුදාය ඇය ඇගේ දිනපොතේ ලියා තැබුවා. ගීතයේ මුල් කොටසේ කියවෙන පරිද්දෙන්ම කෙනෙක් තවත් කෙනෙකුට ආකර්ෂණය වන්නේ සිත්ගන්නාසුළු සිනහවෙන්, සහ කතාවෙන්. ඇය මෙම පද පෙළ ලියා තැබුවේ එවැනි දෙයක් තදින්ම සිතට දැනුණු මොහොතක.

මෙසේ ලියපු පද පේළිය පසු කලෙක ජගත්ට දැකගන්නට ලැබුණා. ඔහු අක්කට යෝජනා කළා මේ පද පෙළ ඇසුරෙන් ගීතයක් හදමු කියල. එසේ කියූ ඔහු එයට මිහිරි තනුවකුත් හැදුවා. අප විශ්වාස කරන බෞද්ධ දර්ශනයට අනුව ප්‍රේමය දුකක්. ඉතින් දේශාංජලී මහත්මිය හිතුව ගීතයට ඒ ගැනත් එකතු කරන්න. ඇය ගීතය ලියා ජගත්ට දුන්නා. නමුත් සිදුවුයේ වෙනත් දෙයක්. ගීතය ලියා තිබුනේ එක කොලයේ දෙපසක. ගීතය පටිගත කිරීමේදී අතපසු වීමකින් ජගත් වික්‍රමසිංහයන් විසින් කොලයේ අනෙක් පස නොබැලු නිසා ගීතයේ අවසාන කොටස මගහැරුණ. නමුත් කෙටි පද පෙලකින් වුවද ගීතය ඉතා හොඳින් ජනප්‍රිය වුණා.

Comments


Featured Posts
Recent Posts
Archive
Search By Tags

© 2016 by Madhawa Wijesekara. Proudly created with Wix.com

Send me your comments

Success! Message received.

bottom of page