top of page
Search

ඔබ පෙම් කරනා ඔබේ කුමාරී

  • මාධව විජේසේකර
  • Jun 25, 2017
  • 1 min read

තනුව සහ හඬ : විශාරද ගුණදාස කපුගේ

පද : සුනිල් ආර්. ගමගේ

ඔබ පෙම් කරනා ඔබේ කුමාරී ඔබට ආදරේ කියනා අයුරින් පෙර දවසක මා පෙම් කරනා සඳ මටද ආදරේ කියා තිබේ... සාගර වෙරළේ සොඳුරු සෑඳෑවක රඟහල කෙළවර අඳුරු නිමේෂක අද ඔබ ළඟ ඔබ සනසාලන ඈ පෙර දවසක මා තුරුළට වී හිඳ මටද ආදරේ කියා තිබේ... සක්‌මන් මළුවක දෙපා ගෙවෙද්දී දොඩමළු පෙම්බස්‌ ගොළුවී යද්දී මා සමුගෙන ඔබ වෙතට පැමිණි ඈ සනහස සඟවා දෙනෙත නුරාවෙන් මටද ආදරේ කියා තිබේ...


මේ ගීතය රචනා කල සුනිල් ආර්. ගමගේ මහතා මෙහෙම කියනවා.


"මේක සත්‍ය අත්දැකීමක්‌. පාසල් කාලයේ සිටම පෙම්කළ දෙදෙනෙක්‌, අවසනයේ තේරුණේ විශ්වවිද්‍යාල දෙකකට. මේ පෙම්වතා මගේ ළඟම යහළුවෙක්‌. ඔවුන් පෙම්කළ කාලයේ පටන්ම මා සමීපව ඇසුරු කළා. ඒත්, විශ්වවිද්‍යාලයට ගියාට පස්‌සේ තරුණිය වෙනස්‌ වුණා. ඈ වෙනත් කෙනෙකු සමඟ පෙම්කරන්න පටන් ගත්තා. ඇය ඔහුට තුරුළුවෙලා පෙම්කරන අයුරු මගේ මිතුරා දැක්‌කා. ඔහු සමඟ ඒ අත්දැකීම ලබන්න මටත් සිද්ධ වුණා. අපි දෙන්නට නිතරම දකින්න ලැබුණා. ඔවුන් දෙන්නා පෙමින් වෙලී සිටින හැටි. මගේ මිත්‍රයා විඳින වේදනාව මට හොඳින් දැනුනා. ඒ වේදනාව තමයි මේ විදිහට පද පෙළකට ඇමිණුවේ."


ගීතයේ තනුව සඳහා විශාරද කපුගේ යොදාගෙන තිබෙන්නේ උත්තර භාරතීය රාගධාරී සංගීතයේ එන යමන් කළ්‍යාණි රාගයයි. ශෝකාකූල බවත් පහන් සංවේගයත් ඒ නිසාම මේ ගීතයෙන් උද්දීපනය වෙනවා.

Commentaires


Featured Posts
Recent Posts
Archive
Search By Tags

© 2016 by Madhawa Wijesekara. Proudly created with Wix.com

Send me your comments

Success! Message received.

bottom of page