ඉගිලෙන්න ඔබ එක්ක ආකාසේ
- මාධව විජේසේකර
- Jun 25, 2017
- 2 min read



ඉගිලෙන්න ඔබ එක්ක ආකාසේ විදගන්න ඒ සිසිල මා සිත්සේ මට දෙන්න ඒ වරම කවදාද ඔබ එන්නෙ පිණි බිංදු මල් වැහි අරන්.... සඳ මිතුරි සිත මිහිරි කළ මැනවි බිඳු කදුලු පිණි පොකුරු කළ මැනවි... මට මම ම වී ඉන්න ලොකෙන් ඉඩක් නොදෙන ඈතට වෙලා අපිම අපි වී ඉතින් නව ලොවට මුල් අණු වෙන්න මිල නොවන පෙම් කවිය පබඳින්න පිනි වැස්ස වස්සන්න මද්දහන තෙත් වෙන්න ආදරය දළුලන්න මිහිකත මතින් සිහිනේ සරනා කිරණින් දැවෙනා..
ඉගිලෙන්න ඔබ එක්ක ආකාසේ... ජීවිතය විඳගන්න ලෝකෙන් ඉඩක් නොදෙන ඈතට වෙලා තෙමෙමු පිණි වැහි පොදින් ප්‍රේමයට ප්‍රේමය වෙන්න නිල නොවන ජිවිතය පුබුදන්න පිණි වැස්ස වස්සන්න මද්දහන තෙත් වෙන්න ආදරය දළුලන්න මිහිකත මතින් සිහිනේ සරනා කිරණින් දැවෙනා.. ඉගිලෙන්න ඔබ එක්ක ආකාසේ... //
කසුන් කල්හාර ගායනා කරන ඉතා ජනප්‍රිය ගීතයක් වන මේ ගීතයේ පද රචකයා තරමක් අප්‍රකටයි. ඔහු නමින් අචල සොලමන්ස්. වෘත්තියෙන් සංගීතඥයෙක් වන ඔහු පවසන අන්දමට සඳ මිතුරි යන්නෙන් අදහස් කරන්නේ පරම පෙම්වතියයි. බොහෝ විට මෙය පෙම්වතා විසින් තම පරම පෙම්වතියට කරනා ඉල්ලීමක් විය හැකියි. ගීතයේ අදහස ඔහුගේ වචනයෙන්ම කියනවනම්, "මම අදහස් කළේ පරම පෙම්වතිය කියන එක. අපි හැමෝම තරඟයක පැටලිලා ඉන්නේ. ඒ තුළ දැවෙමින් තමයි අපි ජීවත් වෙන්නේ. අපිට සැනසීමක් ලබා දෙන සැබෑ ආදරයක් අපි හොයනවා. ආර්ථික වටිනාකම් රජයන සමාජයක අපිට එහෙම ආදරයක් හමුවෙන්නේ නෑ. නමුත් අපි ප්‍රාර්ථනා කරනවා එහෙම ආදරයක්. ‘සඳ මිතුරී’ තුළ කථා බහ වෙන්නේ ඒ දේ පිළිබඳව. මට දැනිච්ච සිද්ධියක් තමයි මේ ගීතයට පාදක වුණේ.මේකෙ පොලිටිකල් ගතියකුත් අන්තර්ගත වෙලා තියෙනවා."
මෙම ගීතයේ සංගීතය පිළිබඳව සැකයක් බොහොමයක් රසිකයන් අතර පවතිනවා. ඊට හේතුව මෙම ගීතයේ සංගීතය ඇතුලත් දමිළ ගීතයක් මෙයට පෙර ගායනා කර තිබීමයි. බොහෝ දෙනා පවසන්නේ මෙම ගීතය සඳහා දමිළ ගීතයේ සංගීතය සොරකම් කරගෙන ඇති බවයි. නමුත් සත්‍ය තත්වය ඊට වෙනස්. මෙම ගීතය සංගීතවත් කරන්නේ ශ්‍රී ලංකාවේ උපන් පේරාදෙණිය සරසවියේ ඉංජිනේරු උපාධිධාරී රාජ්කුමාර් තිල්ලෙයංපලම් නම් වූ සංගීතඥයායි. වැඩිදුර අධ්‍යාපනය සඳහා ඉන්දියාවට පිටවයන ඔහුට එහිදී කැනඩාවේදී රූපගත කල "1999" නම් දමිළ චිත්‍රපටයේ ගීත නිර්මාණය සඳහා දායක වෙන්න හැකි වෙනවා. මෙහි එන “මෝස්හි” (Mozhi) නම් වන ගීතයේ සංගීතය හා තනුව නිර්මාණය කරන්නේ රාජ්කුමාර් තිල්ලෙයංපලම් විසින්. පසු කළෙක නැවත ලංකාවට පැමිණෙන ඔහු ඔහුගේ ප්‍රියතම ගායකයා වන කසුන් කල්හාරගෙන් කරන ඉල්ලීමක් අනුව තම ගීතයේ තනුව භාවිත කර ගීතයක් නිර්මාණයට ආරාධනා කරනවා.
මේ ආකාරයෙන් බිහිවන අලංකාර ගීතයට රූප රචනාව එකතු කරන්නේ අමිල ගලප්පත්ති නම් අචල සොලමන්ස්ගේ මිතුරෙක්. අචල පවසන අන්දමට ඔහු බලාපොරොත්තු වුණු දේම නොතිබුනත් රූප රචනාව ඉතා හොඳ මට්ටමක පවතිනවා.
රාජ්කුමාර් තිල්ලෙයංපලම් විසින් සංගීතවත් කළ සමාන සංගීතය ඇති Mozhi ගීතය.
Comments