දෑතේ එල්ලී මියුරු කතා කී
- මාධව විජේසේකර
- Jun 24, 2017
- 1 min read


දෑතේ එල්ලී මියුරු කතා කී සුරතල් දෝණියනී කාලයේ රියසක මහලු මගෙන් ඔබ ඈතට ගෙනියන්නේ
බොළඳ මියුරු බස් සවන් නිමාලූ කැකුළු සිනා රස සිත සනහාලූ අතීත සිහිනය බොඳ වී දිය වී ඈතට පාවෙන්නේ
පරපුර වදන ලෙසින් වෙහෙසෙන ඔබ ඇස නැළ වූ පිනවූ සිත මතක වරායෙන් නොපෙනෙන ඈතට වැලිබත පාවෙන්නේ
මේ ගීතය රචනා කර තිබෙන්නේ ස්වර්ණ ශ්‍රී බණ්ඩාර මහතා. ගීතයේ පද බැඳීම හා සම්බන්ධ අපූරු කතාවක් තියෙනවා. ඔහු සිය දියණියවරුන්ට හා එකම පුතුට පණමෙන් ආදරය කලා. දියණිවරුන්ට කොතරම් ඔහු ආදරය කළේද කියනවා නම් වැඩිමහල් දියණිය වැඩිවියට පත් වූ පසුව ඇතිවූ හුදකලාව ඔහුට දරාගත නොහැකි වුණා. ඒ තමා තුරුල්ලෙහි දැවටෙමින් සිටි ඈ එක්වරම ඔහුගෙන් ඈත්වීම නිසා. ඒ නිමිතිකර ගනිමින් තම සිතෙහි හටගත් දුක ගීතයකට පද බැඳ ඔහු එය අමරදේවයන්ගේ අත තැබුවා. මේ කාරණයටම අමරදේවයන්ටද මුහුණදෙන්නට සිදු වී තිබුණ නිසා ඔහුද ඒ හැඟීමෙන් නිතර පීඩා වින්ඳා. ඒ නිසා අමරදේවයන්ගේ ද දුකටපත් වූ සිත සනසා ගැනීමට තරම් වන මේ අපූරු ගී පද රචනාවට ඔහු සංගීතය මුසු කර සිය මියුරු සරය මුසු කලා.
Comentarios