top of page
Search

සැරයටියෙන් අපි යනෙන තුරා

  • මාධව විජේසේකර
  • Jun 23, 2017
  • 2 min read

හඬ : විජය කුමාරතුංග

හඬ : චන්ද්‍රලේඛා පෙරේරා
පද : සෝමපාල ලීලානන්ද

තනුව : සරත් දසනායක

සැරයටියෙන් අපි යනෙන තුරා සංසාරේ අපි එකට ඉමූ සැරයටියෙන් අපි සමුගන්නා දා ඒ ගමනත් අපි එකට යමු..

ජීවන මං පෙත මලින් සැදී ගීය යුගයක නොව ඔබ හමු වූයේ කටු කොහොලින් පිරි කලල් දියේ මා තනිවම එද්දිය හමුවූයේ.. මින් මතු මංපෙත මලින් සදන්නෙමි ළතැවුල් සෝ ගී නෑසෙන සේ පමනක් නොව මේ සංසාරේ උපදින වුව මතු සංසාරේ.. මතු සංසාරේ මා හුරුබුහුටිව පෙම් කරන කල එලඹෙනදා කුලුඳුල් නැකතින් හමුවන පැතුමක් පතනෙමි සසරින් නික්මෙනදා.. සංසිඳුවා සිත පහන් කරන්නෙමි මේ පෙම කුලුඳුල් පෙමය සිතා එන්නෙමි පසුපස සංසාරේ කැපවෙමි ඔබ සිතු ගැනම සිතා..

මේ ගීතය අහලා නැති රසිකයෙක් නැති තරම්. විජය කුමාරතුංග හා චන්ද්‍රලේඛා පෙරේරා ගයන මේ ගීතයට මියුරු තනුවක් යොදා එය සංගීතවත් කළේ සරත් දසනායකයන්. ඒත් ගීතය ලිව්වෙ කවුද? මේ ගීතය විතරක් නෙමෙයි ලංකාවේ ජනපි‍්‍රය ම ගීත රැසකම නිර්මාතෘවරයා ඔහු බව බොහෝ දෙනෙක් දන්නේ නැහැ. ‘පාටපොදක් තිලක ලා’ (එච්.ආර්. ජෝතිපාල හා ඇන්ජලින් ගුණතිලක), ‘නිල්ල නගන ස්වර්ණ කිකිණි රාවේ’ (මිල්ටන් මල්ලවආරච්චි), ‘අම්මලා දුක් ගන්නේ පුතුන් හදන්ටා’ (ලතා වල්පොල), ‘කැන්දන් යන්නම් මල්මල් මාලා දාලා’ (පි‍්‍රයා සූරියසේන, ග්‍රේෂන් ආනන්ද සහ පිරිස) වැනි ගීත පවා ලියු මේ රචකයා කවුද? ඔහු සෝමපාල ලීලානන්ද.

එතුමාට කලා ලෝකයේ තියෙන්නේ දිගු ඉතිහාසයක්. මුලින්ම ඔහු පුවත්පත් කලාවේදියෙක්. ‘දවස’ පුවත්පත් ආයතනයෙන් තම වෘත්තීය පුවත්පත් කලා ජීවිතය ඇරඹු "සෝමේ" ‘ලස්සන’ යන නමින් එවක පළවූ පුවත්පතේ උප කතුවරයකු ලෙස සේවය කළා. එතුමා ලියපු මුල්ම ගීතය රසිකයන්ට අහන්න අවස්ථාවක් ලැබුණේ නැහැ. ගීතය පටිගත වුණත් එය චිත්‍රපටයට ඇතුළත්ව තිබුණේ නැහැ. චිත්‍රපටයත් එසේ මෙසේ එකක් නෙමෙයි. ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස්ගේ චිත්‍රපටයක්. ඒ ‘අක්කර පහ’. "ඒත් චිත්‍රපටය තිරගත වෙද්දි ඒ ගීතය චිත්‍රපටයේ තිබුණේ නැහැ. මං දන්නේ නැහැ මේ කතාවේ ඇත්ත නැත්ත. ‘අක්කර පහ’ නවකතාව ලියූ මඩවල එස්. රත්නායකයන් මේ චිත්‍රපටයට සින්දුවක් දානවට කැමැති වෙලා නැතිලු. ඒකයි සින්දුව ඉවත් කිරීමට හේතුව.” සරත් දසනායකයන් චිත්‍රපට සංගීත අධ්‍යක්ෂවරයකු බවට පත්කිරීමේ ගෞරවය හිමිවන්නේ සෝමපාල මහතාටයි. එතුමා එක් ගීතයක් හැර අන් සියලු ගී ලීවේ පූර්ව නිර්මිත තනුවලට වීම සුවිශේෂත්වයක්. එතුමා පූර්ව නිර්මිත තනුවකට නො ලියූ එකම ගීතය ‘සැරයටියෙන් අපි යනෙන තුරායි.’ "මේක මගේ දින පොතේ නොදැනුවත්වම ලියැවුණු කවියක්. දවසක් දසේ (සරත් දසනායක) ඔය කවිය දැක්කා. ඒකට තමයි තනුවක් දාලා සින්දුවක් විදියට නිර්මාණය කළේ. අපේ ගමේ හිටියා පොල් කඩන මිනිහෙක්. එයාගේ ඇස් පේන්නෙ නැහැ. කෝටුවක් අරගෙන තමයි ඇවිදින්නෙ. එයාගේ ගෑනු මනුස්සයාත් එයත් එක්කමයි හිටියේ. ඒක තමයි මේ සින්දුව ලියන්න නිමිත්ත කරගත්තේ."


ගීතයේ එක තැනක තියෙනවා. කුලුඳුල් නැකතින් හමුවන පැතුමක් පතමුව සසරින් නික්මෙනදා “මේ වචන ටික මගේ පෞද්ගලික ජීවිතයට සම්බන්ධයි. එයින් කියැවෙන්නේ සංසාරේ එකට ඉන්න ඇය ඔහුගේ ප්‍රථම ප්‍රේමය නොවන බවයි. එතකොට ඇය කියනවා සංසිඳුවා සිත පහන් කරන්නෙමි මේ පෙම කුලුඳුල් පෙමය සිතා එන්නෙමි පසුපස සංසාරේ කැපවෙමි ඔබ සිතු ගැනම සිතා ඉතින් සංසාරෙන් සමුගන්නා දා ඒ ගමනත් ඔහු යන්නේ ඇයත් සමඟයි".

Comments


Featured Posts
Recent Posts
Archive
Search By Tags

© 2016 by Madhawa Wijesekara. Proudly created with Wix.com

Send me your comments

Success! Message received.

bottom of page