top of page
Search

අසුරු සැණින් එක මොහොතකදී

  • මාධව විජේසේකර
  • Jun 23, 2017
  • 2 min read

හඬ : යමුනා විනෝදනී පෙරේරා

පද : කුසුම් පීරිස්

තනුව : ලෙස්ලි අසෝක පෙරේරා

අසුරු සැණින් එක මොහොතකදී කාලය නැවතී යලි ඇරඹී විශ්වය අලුතින් බිහි වේවා ඔබේම වී මා මගේම වී ඔබ අපේම වී අප ඉපදේවා.. යෙහෙළියන්ගෙ ඉඟි දිනක සැබෑ වී ඔබේම කුල ගෙයි පතිනිය වන්නට මතු යම් දවසක හැකි වේවා ඔබේම වී මා මගේම වී ඔබ අපේම වී අප ඉපදේවා.. සෙනෙහෙ විමානේ කිරුල දරන දා සිඟිති තොලක කිරි හිනා දකින්නට එක සෙවණකදී හමුවේවා ඔබේම වී මා මඟේම වී ඔබ අපේම වී අප ඉපදේවා..

ප්‍රවීණ නිවේදිකා කුසුම් පීරිස් මහත්මිය ගුවන් විදුලියේ වැඩ කරන කාලයේ දී ඉතාම ළගම ඇසුරක් තිබුණු තරුණියක සහ තරුණයෙක් හිටියා. හැම දෙනාම හිතා ගෙන ඉදලා තියෙන්නේ මේ දෙන්නා පෙම්වතුන් කියලා. නමුත් එහෙම දෙයක් තිබිල නෑ.

පස්සේ කාලෙක ආපු යෝජනාවකින් තරුණිය විවාහ වෙනවා. ඒ එක්කම ඇය තීරණය කරනවා රැකියාවට සමුදෙන්න. කුසුම් මහත්මිය අර ගෑණු ළමයගෙන් ඇහුවාම මේ සම්බන්ධයක් වගේ තිබ්බ දේ ගැන ඇය කිව්වලු "මම බලං හිටියේ එයා මගෙන් අහනකං, හේතුව මම ගෑනු ළමයෙක් නිසා මට ඉස්සෙල්ලා ම අහන එක කරන්න බෑ නේද අක්කේ?" කියලා. ඇත්තටම ඇය ඉඳලා තියෙන්නේ අර තරුණයා ගැන ප්‍රේමයෙන්.

ඇය රැකියාවෙන් ඉවත් වුණ දවසේ කුසුම් මහත්මිය තරුණයාට කියල තියනව, "ඇයි අර ළමය ගෙන් ඇහුවෙ නැත්තේ? එයා හිතේ තියා ගෙන නේ ඉදලා තියෙන්නේ" කියලා, ටිකක් චෝදනා මුඛයෙන්. එතකොට ඔහු කිව්වලු "අනේ අක්කේ මම ඇහුවෙ නැත්තේ බෑ කිව්ව නම් අපේ මේ මිත්‍රත්වයත් ඉවරනේ, ඇත්තට ම මම එයාට ආදරේ කලා, එයා පොඩි හරි ඉඟියක් දෙනකන් මම හිටියේ, නමුත් එහෙම පෙන්නුවේ නැති නිසා මම අහන්න ගියේ නෑ" කියලා.

පසුව දවසක අර ගෑණු දරුව හමු වුණාම කුසුම් මහත්මිය මේ ගැන ඇයට පවසලා තියනවා. ඇය වැළපෙමින් කියල තියෙන දේ තමා මේ ගීතයට පාදක වෙලා තියෙන්නේ. ඇය කිව්වලු, "අනේ අක්කේ, ලෝකය නතර වෙලා ආයෙ අපි අතීතයට ගියොත් මම එයාට ආදරේ කරනව කියලා එයාට කියනවා" කියලා.


මේ ගීතයට තනුව යොදලා තියෙන්නෙත් යමුනා විනෝදනී මහත්මියගේ පියාණන්, ලෙස්ලි අසෝක මහතා.

Commentaires


Featured Posts
Recent Posts
Archive
Search By Tags

© 2016 by Madhawa Wijesekara. Proudly created with Wix.com

Send me your comments

Success! Message received.

bottom of page