top of page
Search

මේ පින් බිමේ

  • මාධව විජේසේකර
  • Jun 21, 2017
  • 1 min read

හඬ : විවියන් ද සිල්වා බොරලැස්ස සහ කපිල බොරලැස්ස

පද : පූජ්‍ය පල්ලේගම හේමරතන හිමි

තනුව : නවරත්න ගමගේ

මේ පින් බිමේ මහමෙවුනා උයනේ

නිල් අහස රන්වන් වෙලා

මහ සෑ කොත් මුදුනේ

මිණි කිරණ දසත විහිදී

හඳ පායලා වගේ

නෙත සිත සනසා

බුදු සුවඳ ගලා ගිය මහමෙවුනා උයනේ

අනුරාධපුර නගරේ

ගයා සිරස බෝ මැඩ වැඩ හිඳ විදුරසුනේ

කෙලෙස් මරුන් පරුදා

සම්මා සම්බුදු පදවි ලබා

දෙදහස් හයසිය වසරට එළඹෙන

සිරි සම්බුද්ධත්ව ජයන්තියේ

අසිරිය පවසයි

සිරිමා බෝ පත් මද සුළඟේ නැළවී//

මේ පින් බිමේ මහමෙවුනා උයනේ

නිල් අහස රන්වන් වෙලා

මහ සෑ කොත් මුදුනේ

මිණි කිරණ දසත විහිදී

හඳ පායලා වගේ

නෙත සිත සනසා

බුදු සුවඳ ගලා ගිය මහමෙවුනා උයනේ

අනුරාධපුර නගරේ

දෙදහස් හයසිය වසරට එළඹෙන

සිරි සම්බුද්ධත්ව ජයන්තියේ

අසිරිය පවසයි

සිරිමා බෝ පත් මද සුළඟේ නැළවී///

අපේ බෞද්ධ සංස්කෘතියේ දෙමව්පියන්ගේ යුතුකම් දරුවෝ හැටියට අපි ඉෂ්ඨ කරන්න ඕන කියලා අපිට උගන්වනවා. එහෙම කරන අයට කවදාවත් වරදින්නේ. තමන්ගේ අම්මාගේ අහිංසක ඒත් උතුම් ඉල්ලීමක් ඉෂ්ඨ කරන්නට මේ ගීතය නිර්මාණය වුණ බව ඔබ දන්නවාද? ඔව්. විවියන් ද සිල්වා බොරලැස්ස නම් ඒ ශ්‍රේෂ්ඨ පිංවන්ත ගායිකාව 2500 බුද්ධ ජයන්තිය සඳහා ගීත 2ක් 1956 වසරේ දී ගායනා කලා. 2012 වසරේ දී එළඹුණු 2600 වන සම්බුද්ධත්ව ජයන්තියේ දී ත් ඇයට ජීවත් වීමේ වාසනාව තිබුණා.


මේ උතුම් වාසනාවන්ත පිංවන්ත අවස්ථාවේ දී ඇයට ඒ සඳහා ත් ගීතයක් ගැයීමට ආසාවක් ඇති වුණා. ඒ බව තම පුතු කපිල බොරලැස්ස මහතාට පැවසූ පසු, ඔහු අනුරාධපුරයට ගිය අවස්ථාවක පූජ්‍ය පල්ලේගම හේමරතන හිමි හමුවී තම මවගේ සිහිනය සැබෑ කරදෙන මෙන් ඉල්ලා සිටියා. ඒ අනුව උන්වහන්සේ මේ ගීතය රචනා කර දුන් අතර නවරත්න ගමගේ මහතා සංගීතවත් කලා.


මේ ගීතය රූපගත කිරීම සඳහා මේ අම්මා සහ පුතණුවන් අනුරාධපුර නගරයේ ශුද්ධ ස්ථාන රැසකට ම ගොස් මනරම් රූපාවලියක් අපට එකතු කර දුන්නා. බොරලැස්ස මහත්මියගේ ඒ අහිංසක පැතුම ඉටුකරන්නට දායක වුණු සැමට ම පිං! අපිත් මේ ගීතය රසවිඳ ඒ පිං අනුමෝදන් වෙමු!

Comments


Featured Posts
Recent Posts
Archive
Search By Tags

© 2016 by Madhawa Wijesekara. Proudly created with Wix.com

Send me your comments

Success! Message received.

bottom of page