බුදු මගුල ළඟම ඒවී
- මාධව විජේසේකර
- Jun 21, 2017
- 1 min read


තනුව : පී. ඩී. වින්සන්ට් පෙරේරා
බුදු මගුල ළඟම ඒවී
අල්හජ් මොහාදින් බෙග්
බුදු ගීත වේ උදා බුදු දහම සාමයේ - දස අත දීප්ති වී නැගේ බැබලෙන්න ලෝකයේ මල් මිහිර සමග එකසේ සිල් සුවඳ විහිදයේ
සනසන්න බුදුනි ජනතා බුදු මගුල යෙදෙනදා
කලු මෝහ අඳුරු සේයා - සෝදන්න ලෝකයේ ආලෝකය දී සිරිමත් – බුදුමගුල ළඟම ඒ මල් මිහිර සමග එක සේ සිල් සුවඳ විහිද යේ
යුද ගින්න සාම ජලයේ නිසි සේ නිසසල වේ එක මවගෙ දරුවො වාගේ – මුළු ලොවම අවදිවේ. බුදු මගුල ළඟම ඒවී බුදු ගීත වේ උදා.....
1956 දී උදා වූ බුද්ධ වර්ෂ 2500 ශ්‍රී සම්බුද්ධ ජයන්තිය වෙනුවෙන් ප්‍රථම වරට අපට බෞද්ධ ගීතයක් ගැන අසන්නට ලැබෙන්නේ එදා අසන්නන් අතර ඉතාම ජනපි‍්‍රයව තිබූ ජාතික ගුවන් විදුලි සේවය ඔස්සේ. නැතහොත් ලංකා ගුවන් විදුලි සේවය හරහා. ශ්‍රී ගෞතම බුදුන් වහන්සේගේ ඒ අනභිබවනීය වූ ලෝක සේවාව සිහියට නන්වමින් උදා වූ වර්ෂ 2500 සම්බුද්ධ ජයන්තිය වෙනුවෙන් මේ බෞද්ධ ගීතය ගායනා කළේ එවකට ප්‍රධාන පෙළේ සිංහල ගීත කෝකිලාවියක වූ විවියන් ද සිල්වා බොරලැස්ස මහත්මිය විසින්.
සිද්ධාර්ථ බෝධිසත්වයන් වහන්සේගේ පහළවීම ලෝකයට උතුම්ම මංගල්‍යයක්. එමෙන්ම සිද්ධාර්ථ බෝධිසත්වයන් වහන්සේ බුද්ධත්වයට පත්වීමද උතුම්ම මංගල්‍යයක්. පුරා වසර හතළිස් පහක් (45) ලෝකයාගේ හිත සුව පිණිස ධර්මය දේශනා කරමින් ද, සංචාරය කරමින්ද, ලාභාපේක්‍ෂාවෙන් තොරව සමාජ මෙහෙවරක් කළ ගෞතමයන් වහන්සේ පරිනිර්වාණයට පත් වූයේ ද වෙසක් පුර පසළොස්වක් පොහෝ දිනකයි. උන්වහන්සේගේ එම ලෝක ශාසන සේවාව නිමවී වසර දෙදහස් පන්සියයක් (2500) ගෙවී ගියද ලෝකය තුළ උන්වහන්සේගේ උතුම් වූ ශ්‍රී සද්ධර්මය තවමත් නොනැසී පවතිනවා. 1956 දී ශ්‍රී සම්බුද්ධ ජයන්තිය ඉතා උසස් ලෙස සිහිපත් කළා. එදා ලංකාවාසී බෞද්ධයෝ එම අවස්ථාව බුදු මඟුලක් ලෙස හැඳින් වූයේ එය බෞද්ධාගමට කරනු ලබන ගෞරවයක් ලෙස හඳුන්වමින්.
Commentaires