නංගී නංගී රූපිකා
- මාධව විජේසේකර
- Jun 21, 2017
- 1 min read


තනුව : පී. ඩී. වින්සන්ට් පෙරේරා
නංගී නංගී රූපිකා
නංගී නංගී රූපිකා
ගම්මානේ ශාන්ත වූයේ
ගම්බද ලලනී තී නිසා...//
ඇගෙ මූණේ බොරු ඔප නෑනේ
පිරිසිදුනේ සපුමල් වාගේ
රූබර රාජිනීයේ ගීතයේ රිද්මය කීවේ//
ගම්මානේ ශාන්ත වූයේ
ගම්බද ලලනී තී නිසා...//
හඳ වාගේ පුර හඳ වාගේ
ඇගේ ජීවේ නොකැලැල් වූයේ
සෝබන ලාලනීයේ ආලයේ ලීලය කීවේ//
ගම්මානේ ශාන්ත වූයේ
ගම්බද ලලනී තී නිසා...//
ගුණ දහමේ දම් රස ඕ ගේ
සැමදා ම ලියලන තීයේ
කෝකිල රාජිනීයේ ආලෝකේ මේ ගම්මානේ//
ගම්මානේ ශාන්ත වූයේ
ගම්බද ලලනී තී නිසා...//
1940 දශකයේ නිර්මාණය වූ මේ ගීතය අදටත් ඉතාම ජනප්‍රියයි. මේ ගීතය එකල ගුවන්විදුලියේ නිතර ම ප්‍රචාරය වූවා. මේ ගීතය පසුකාලීනව විවියන් බොරලැස්ස මහත්මිය විසින් HMV තැටියකට පටිගත කලා. ඒ සඳහා ඇයව සහභාගී කරවා ගැනීමත් එතරම් ලේසි වූයේ නැහැ. මොකද බොරලැස්ස මහත්මිය එම පවුලේ එකම දරුවා. එමනිසා ඇගේ දෙමව්පියන් සමග මේ ගීතය පටිගත කිරීමට ඇය සහභාගී වුවා. එකල HMV තැටි නිෂ්පාදනය කලේ කාර්ගිල්ස් සාප්පුවෙන්. තැටි නිෂ්පාදක ලෙස කටයුතු කලේ ගේබ්‍රියල් ගුණරත්න නම් මහතා.
පටිගත කිරීමත් කොතරම් සාර්ථක වූවා ද කිවහොත් එම තැටිය එකල වැඩිම අලෙවි වාර්තාවක් ද තැබුවා. බොරලැස්ස මහත්මිය කියන විදියට එකල එක් තැටියක මිල රුපියල් 5/- යි! ඇයට එක් විකිණෙන තැටියකින් සත 25 ක් ලැබුණා ලෝයල්ටි වශයෙන්! ඒ වාර්තාගත අලෙවිය නිසා ම ඇයට කාර්ගිල්ස් සාප්පුවෙන් තෑග්ගක් ලෙස වටිනා Radiogram යන්ත්‍රයක් ලැබුණා. එයට එකවර තැටි 12ක් දමන්න පුළුවන්. මේ යන්ත්‍රයේ විශේෂත්වය ග්‍රැමෆෝන් සහ ගුවන්විදුලිය දෙකම එකට එකතු කර සෑදී තිබීමයි. එක් පැත්තක ගුවන්විදුලි යන්ත්‍රයත් අනෙක් පැත්තේ ග්‍රැමෆෝන් එකකුත් තියෙනවා. අද කාලයේ තේරෙන භාෂාවෙන් කියනවා නම් Hybrid එකක්!!! ඉතින් මේ යන්ත්‍රය වටිනාකම තේරෙන්නේ නැත්තන් තවමත් හිතාගන්න හොඳම උදාහරණය තමයි අද කාලේ හැටියට බැලුවොත් Surround Sound System එකක් වගේ!!!
Comments