top of page
Search

දුර පෙනෙන තැනිතලා

  • මාධව විජේසේකර
  • Jun 21, 2017
  • 1 min read

හඬ : විවියන් ද සිල්වා බොරලැස්ස

පද : සරත් විමලවීර

තනුව : බී. එස්. පෙරේරා

දුර පෙනෙන තැනිතලා - අනුරාධපුර දිහා.. පුන් පෝයදා - වේ ශ්‍රියා සාදු කිය කියා..

ඈත කිරි පාට - පේන සරුසාර සෑය දිළෙනවා - සෑය දිළෙනවා නැඟෙන රිදී සීනු හඬින් නුවර එළි කලා../// නුවර එළි කලා... දුර පෙනෙන තැනිතලා... ජේතවනරාම - අභයගිරි වෙහෙර සාදු කිය කියා - කරමු වන්දනා.. යමුද අනේ ඉවුර දිගේ තිසා වැව වටේ../// තිසා වැව වටේ දුර පෙනෙන තැනිතලා...

1950 වසරේ දවසක සරත් විමලවීර මහතා සහ කරුණාරත්න අබේසේකර මහතා අනුරාධපුරයේ ගුවන්විදුලි වැඩසටහනක් සඳහා පිටත්වෙනවා. අනුරාධපුර පූජනීය නගරයට ඇතුළුවෙනකොට අපේ පැරණි දාගැබ් වැව් දකින විට ඒ සොබා අසිරියෙන් මත් වූ විමලවීර මහතා කරුණාරත්න අබේසේකර මහතාට යෝජනා කරනවා "අපි දෙන්නා අනුරාධපුරය ගැන ගීත දෙකක් ලියමු." කියා. "මට මහන්සියි" කියා එම අවස්ථාවේ දී අබේසේකරයන් එයට එකඟ වෙන්නේ නැහැ.


නමුත් විමලවීර මහතා එම ගමනේ අසිරිය විඳිමින් ම මෙම ගීතය රචනා කර බී. එස්. පෙරේරා මහතාට ලබා දෙනවා තනු නිර්මාණය කිරිමට. විවියන් ද සිල්වා බොරලැස්ස මහත්මියගේ පියා, බී. එස්. පෙරේරා මහතාගේ ළඟම මිතුරෙක්. විවියන් ද සිල්වා මහත්මිය වයස අවුරුදු 8 සිට ම ගුවන්විදුලියේ ගීත ගායනා කල නිසා ම ඇයට කාන්ති වක්වැල්ල මහතා සමග මේ ගීතය ගායනා කිරීම සඳහා ඇගේ නිවසේ දී ම තනුව නිර්මාණය කලා. එම අවස්ථාවට සරත් විමලවීර - බී. එස්. පෙරේරා - බොරලැස්ස මහත්මියගේ පියා තිදෙනාම එකතු වී තිබෙනවා.


ගීතය පටිගත කිරීම ද තරමක් අපහසුවෙන් සිදුකර තිබෙන්නේ. එවකට එම්පයර් සිනමා ශාලාව අසල පිහිටි ශබ්දාගාරයක තමා මේ ගීතය මුලින්ම පටිගත කර තිබෙන්නේ. එම ස්ථානය තහඩුවලින් ආවරණය කර තිබිලා තියෙන්නේ. නමුත් දින කිහිපයක් ම මහ වැස්සක් ඇද වැටීම නිසා තහඩුවලට වතුර වැටෙන ශබ්දය හේතුවෙන් පටිගත කරන්නට බැරිව තිබෙනවා. පසුව තමා මේ ගීතය පටිගත කර තිබෙන්නේ.

Comments


Featured Posts
Recent Posts
Archive
Search By Tags

© 2016 by Madhawa Wijesekara. Proudly created with Wix.com

Send me your comments

Success! Message received.

bottom of page