top of page
Search

ආලෝකය මේ යැයි

  • මාධව විජේසේකර
  • Jun 21, 2017
  • 1 min read

හඬ : විවියන් ද සිල්වා බොරලැස්ස

පද : සරත් විමලවීර

තනුව : පී. ඩී. වින්සන්ට් පෙරේරා

ආලෝකය මේ යැයි – පවසන දිනයයි සම්බුදු මංගල්ලේ ජය ජය ශ්‍රී නාදෙනි තුටුවෙමු සැම දෙන සම්බුදු මංගල්ලේ ළඟම එන සම්බුදු මංගල්ලේ

සාමෙනී පේවී පේමෙන් - සංගීතවත් වී සැමා සිල් සුවඳ දසතේ විහිදා – පාප ජලාසේ සෝදා බුදු සිරිය මවා පාමින් දම් සිලිලේ ඔප නෑවී සැරසෙමු මඟුලට බුදු හිමිගේ

ආලෝකය මේ යැයි....

සැනසීම සොයා ඒ දිනයේ රසයේ රසේ මවලා පේවී ප්‍රබෝදෙනී පේවී පිං බලයෙන් සැරසීලා හෝ.... සන්සුන්ව විවේකිනි බුදු මඟුලට සැරසෙමු කෝ විනෝදේ නිවනව සිත ඈඳා

ආලෝකය මේ යැයි....

1956 දී උදා වූ බුද්ධ වර්ෂ 2500 ශ්‍රී සම්බුද්ධ ජයන්තිය වෙනුවෙන් ප්‍රථම වරට අපට බෞද්ධ ගීතයක් ගැන අසන්නට ලැබෙන්නේ එදා අසන්නන් අතර ඉතාම ජනපි‍්‍රයව තිබූ ජාතික ගුවන් විදුලි සේවය ඔස්සේ. නැතහොත් ලංකා ගුවන් විදුලි සේවය හරහා. ශ්‍රී ගෞතම බුදුන් වහන්සේගේ ඒ අනභිබවනීය වූ ලෝක සේවාව සිහියට නන්වමින් උදා වූ වර්ෂ 2500 සම්බුද්ධ ජයන්තිය වෙනුවෙන් මේ බෞද්ධ ගීතය ගායනා කළේ එවකට ප්‍රධාන පෙළේ සිංහල ගීත කෝකිලාවියක වූ විවියන් ද සිල්වා බොරලැස්ස මහත්මිය විසින්.

Comments


Featured Posts
Recent Posts
Archive
Search By Tags

© 2016 by Madhawa Wijesekara. Proudly created with Wix.com

Send me your comments

Success! Message received.

bottom of page