දහස් වරක් ඔබ
- මාධව විජේසේකර
- Jun 18, 2017
- 1 min read

දහස් වරක් ඔබ
දුටුවත් පෙර දින තවත් වරක් දැක ගනු රිසි අද දින නෙතට පිය දසුන් ඇතත් ඒමට ලොව// ඔබම ය මා නෙත පතන පිනැති රුව දහස් වරක් ඔබ... දහසක් අය මා - වට කොට සිටිය ද// ඔබ හා තනිව ම හිඳුමයි සිතු සැප දහස් වරක් ඔබ...
මේ ගීතයේ පද රචනය, තනුව නිර්මාණය සහ ගායනය යන ත්‍රිත්වයම අන් කිසිවෙකුගේවත් නොව ආචාර්ය රෝහණ වීරසිංහයන්ගේ. එතුමා වාග්ගේයකාරයෙක් ලෙස හැඳින්වීමට මෙය හොඳම උදාහරණයයි.
රෝහණ වීරසිංහයන් ජනප්‍රියව සිටින්නේ දක්ෂ තනු නිර්මාපකයෙක්, සංගීත අධ්‍යක්ෂකවරයෙක් ලෙසට වුවත් ඔහු තුළ ගායකයෙක්, පද රචකයෙක් සහ වාදකයෙක් ද සිටිනවා. එතුමා ගේ ජනප්‍රියම ගීතයක් තමා මුතුකුඩ ඉහළන මල්වරුසාවේ නම් ගීතය. ආචාර්ය වික්ටර් රත්නායකයන්ගේ "ස" ප්‍රසංගයේ ද එතුමා සමූහ ගායකයෙක් ලෙස ආරම්භයේ සිට අවසානය දක්වා කටයුතු කලා.
එතුමා දක්ෂ සිතාර් වාදකයෙක්. රජයේ සංගීත විද්‍යාලයේ එතුමා තම ප්‍රධාන විෂය ලෙස ඉගෙන ගත්තේ ගායනයි. අනුවිෂය ලෙස තෝරාගත්තේ සිතාර් වාදනයයි. පළමු වරට එතුමා ප්‍රසිද්ධ සිතාර් වාදනයේ යෙදෙන්නේ ද විශාරද නන්දා මාලනියගේ "ශ්‍රවණ ආරාධනා" ප්‍රසංගයේ. එය අහම්බයෙන් සිදුවූවක්. රත්නපුරයේ පැවති ප්‍රසංගයක දී වාද්‍ය වෘන්දයේ සිටි දක්ෂ සිතාර් වාදකයෙක් වූ "පියදාස අතුකෝරළ" මහතාට පැමිණෙන්නට නොහැකි බවක් ඇති වූ නිසා එහි තබ්ලා වාදකයෙක් වූ "විජේරත්න රණතුංගයන්" එතුමාට ආරාධනා කරනවා. පසුකාලීනව රෝහණ වීරසිංහයන් පවසා ඇති ආකාරයට එදා එතුමාගේ දෑත් වෙවුලන්නට ගත්තා! ඊට හේතුව පළමුවරට නුහුරු ප්‍රසංගයක ගීත වාදනය කරන්නට සිදුවීම නිසා. එවකට එතුමා ආධුනිකයෙක්.
ඉන්පසුව නන්දා මාලනියගේ ම "සත්‍යයේ ගීතය" ප්‍රසංගයට එතුමා නිත්‍ය සිතාර් වාදකයෙක් ලෙස කටයුතු කලා. එතුමා සිතාර් වාදනය කල අවසන් ප්‍රසංග මාලාව ද එයයි.
එමනිසා ආචාර්ය රෝහණ වීරසිංහයන් යනු නිකම්ම නිකම් සංගීත අධ්‍යක්ෂකවරයෙක් නොවේ. "ආදරණීය රෝහණ", චිරං ජයතු!
Comments