Search
විකසිත පෙම් පොකුරු පියුම්
- මාධව විජේසේකර
- Jun 17, 2017
- 1 min read



විකසිත පෙම් පොකුරු පියුම් ඔබේ පයට පොඩි වී ගියාදෙන් පතිකුලයට අද මට පිටුපා යන මගේ සොඳුරු ළඳුනේ
මගේ සොඳුරු ළඳුනේ...
හිතේ කඳුළු බිඳු රෑ තනි යහනේ ඉහ ඉද්දර හිඳ ඉකි බිඳිනා සඳ ආදර සැමරුම් ප්‍රේම පුරාණේ ඔබට විරහ ගිනි නොගෙනේවා ඔබට විරහ ගිනි නොගෙනේවා...
විකසිත පෙම්...
තනිකම රජයන පාලු විමානේ ගොම්මන් කළුවර හඬා වැටෙද්දී ඔබ දිවි අරණේ රුවන් විජිතයේ මැණික් පහන් වැට දැල්වේවා මැණික් පහන් වැට දැල්වේවා...
විකසිත පෙම්...
බොහෝ කාලයක් ආදරය කරලා එක්කෙනෙක් අනෙකාට රිදවලා වෙන්වෙලා ගියාම කොයිතරම් නම් වේදනාවක් දැනෙනවා ඇත්ද? මේ ගීතය ආචාර්ය අජන්තා රණසිංහයන්ගේම අත්දැකීමක්. එතුමා තම තරුණ කාලයේ එක්තරා තරුණියකට ආදරය කරලා තියෙනවා. එනමුත් පසුකාලීනව එම තරුණිය නොසිතූ විදියට එතුමාගෙන් වෙන්වෙලා ගිහින් තියෙනවා. ඒ වේදනාව දක්වමින් අජන්තා රණසිංහයන් මේ ගීතය රචනා කරලා තියෙනවා.
Comments