top of page
Search

මගෙ කඳුලින් නිමා වූ

  • මාධව විජේසේකර
  • Jun 17, 2017
  • 1 min read

හඬ : විශාරද එඩ්වඩ් ජයකොඩි

පද : ආචාර්ය අජන්තා රණසිංහ

තනුව : ආචාර්ය ප්‍රේමසිරි කේමදාස

මගෙ කඳුලින් නිමා වූ මාවතේ මාවතේ.. ඔහු සමඟින් ඔබ මන්දහාසේ යන ගමනේ.. මගේ යුග නෙතු ඔබට හිරු සඳු වේවා... වාසනාවන් අහිමි පෙම්වතියේ..

නිමල පෙම් වේදනාවෙන්.. නිහඬ වූ වේදනාවෙන්.. අහිංසක මා හෙලන සුසුම් ඔබට පවනක් වේවා... මගේ කඳුලින් නිමා වූ... පාළුකුටියේ මා අරාජිත වී නිදා නොනිදා හිදින රෑ.. සිහිනයෙන් හෝ පෙනේවා.. ඔබේ සෙනෙහේ නිවුනු පහන්.. නොනිමි පහනක් වීලා.. මගේ කඳුලින් නිමා වූ...


බොහෝ කාලයක් ආදරය කරලා එක්කෙනෙක් අනෙකාට රිදවලා වෙන්වෙලා ගියාම කොයිතරම් නම් වේදනාවක් දැනෙනවා ඇත්ද? මේ ගීතය ආචාර්ය අජන්තා රණසිංහයන්ගේම අත්දැකීමක්. එතුමා තම තරුණ කාලයේ එක්තරා තරුණියකට ආදරය කරලා තියෙනවා. එනමුත් පසුකාලීනව එම තරුණිය නොසිතූ විදියට එතුමාගෙන් වෙන්වෙලා ගිහින් තියෙනවා. ඒ වේදනාව දක්වමින් අජන්තා රණසිංහයන් මේ ගීතය රචනා කරලා තියෙනවා.

Comentarios


Featured Posts
Recent Posts
Archive
Search By Tags

© 2016 by Madhawa Wijesekara. Proudly created with Wix.com

Send me your comments

Success! Message received.

bottom of page