වැඩකරලා ඉවර නොමැත දෙවියනේ



අසරණ මව මගේ ඇස් අන්ධව ඉන්න
කොරවුණු පියා බෑ හරි හැටි ඇවිදින්න
මේ දෙන්නා සමග නංගී රැකගන්න
රක්ෂාවකට ආ මේ ගෙදරක නවතින්න
වැඩකරලා ඉවර නොමැත දෙවියනේ
මොකට ද මා දුප්පත් වී ඉපදුණේ
වැරදුණාම කෝටු පාර වදිනවා
බඩු කැඩුවාම පඩියෙන් අඩු කරනවා
වැඩකරලා ඉවර නොමැත දෙවියනේ...
දන්නේ කවුද තමන්ගේ දුක් මිස තමන්
කන්නේ බොන්නේ වැඩකට යන එන ගමන්//
වෙහෙස වෙලා රෑ දොලහට ඇලවුණා//
උදේ පහට ආයෙත් මා පිබිදුණා...
වැඩකරලා...
සැපට හදයි බලු පැටියෙක් හරි සැරයි
නෝනා ඌට මට වැඩියෙන් ආදරෙයි//
ඇස් රතු වී දුක් කඳුලැලි බේරුනා//
රක්ෂාවේ හැටි දැන් මට තේරුණා//
වැඩකරලා...
මේ ගීතයේ එකතැනක් ගැන ලියවුණු කතාව ගැන කියන්න මම කැමති. දවසක් කරුණාරත්න අබේසේකර මහතා තම බිරිඳ සමග එක්තරා සුප්‍රසිද්ධ අවන්හලකට ගිහින් ඉන්න අතරේ එහි සේවය කරන සේවකයෙක් අතින් පිඟන් වගයක් බිම වැටිලා කැඩිලා තියෙනවා. ඒ වෙලාවෙම හෝටලයේ කළමණාකරු ඒ සේවකයාගේ පඩියෙන් අලාභය අඩුකරගන්නවා කියලා හැමෝම ඉදිරියේ කිව්වාලු. ඒ සිද්ධිය එක පේලියකින් ම අබේසේකරයන් මේ ගීතයට ඇතුලත් කරල තිබෙනවා.






































Comments