top of page
Search

මිනිසෙකු පිට නැගි අසරුවෙකි

  • මාධව විජේසේකර
  • May 31, 2017
  • 1 min read

හඬ : සුනිල් එදිරිසිංහ

පද : ප්‍රේමකීර්ති ද අල්විස්

තනුව : එච්. එම්. ජයවර්ධන

මිනිසකු පිට නැගී අසරුවෙකි

ඒ බර ගෙයි වහලට බරකි පාන්දරින් පැරදුන ඒ මිනිහා හැන්දෑවෙත් අසු පිටට නගී....

හෙට මම ගෙදරට සුර සැප දෙනවා අද රෑ ලුණුමිරිසෙන් ගතවෙනවා කාසි මල්ල සතෙකුගේ පිට යනවා දු දරුවන් පැදුරේ නිදියනවා....

ඉරණම විසදුම සතෙකුට දෙනවා තිරිසනෙකුට මිනිසකු පරදිනවා දරුවන් බිරිදත් ගිනි උහුලනවා හීනෙන් නුබ තව ගෙවල් හදනවා


ගුවන් විදුලි සංස්ථාව ඉදිරිපිට මාවතේ එකල විශාල මාර ගහක් තිබුණා. එහි විශාල මුල් හැමතැනම පැතිරී ගිය නිසාම ගුවන්විදුලියේ සේවය කරන ඇතැම් අය තම විවේකය ගත කරන්නට මේ මාර ගසේ මුල් මත වාඩිවෙන්නට තෝරාගෙන තිබුණා.


දවසක් ප්‍රේමකීර්ති ද අල්විස් මහතා තම මිතුරන් කිහිප දෙනෙක් සමග මේ මාර ගහ යට මධුවිත බෝතලයක රස බලන්නට ඉඳගෙන හිටියා. මේ අතරේ සුනිල් එදිරිසිංහ මහතාත් එනවා. ඔහුව දුටුවිට සරල ගී වැඩසටහනකට ගීතයක් ලියා දෙන්න කියා තමන්ට එදිරිසිංහයන් කියූ බව ප්‍රේමකීර්ති මහතාට මතක් වුණා. මුවගට සිනාවක් ගෙන, "සුනිල් මම සිංදුව ලියලා තියෙන්නේ. ඒක තියෙන්නේ සංස්ථාව ඇතුළේ මගේ ලොකර් එකේ. දැන් මම ඒක ගේන්න ගියොත් මුන් ටික මේ බෝතලේ ඉවරකරනවා. තව ගමනක් ගිහින් පැය භාගයකින් එන්න බැරිද?". ඒ කීම අසා සුනිල් එදිරිසිංහයන් පිටත් ව යනවා.


ඇත්තටම ඒ වෙනකොටත් ගීතයක් ලියා තිබුණේ නැහැ. ප්‍රේමකීර්ති මහතා කිව්වේ පුංචි බොරුවක්. තමන්ගේ යාළුවොත් එක්ක නැවත මධුවිත පානය කරන අතරවාරයේ ඈත මිනිසෙක් රේස් කොලයක් අතේ තබාගෙන ඉන්නවා ප්‍රේමකීර්ති මහතා දකිනවා. ඒ දුටු වහාම එතුමාගේ සිතට යම් අදහසක් පහල වෙනවා. ක්ෂණිකව කොල කෑල්ලක් අරගෙන මේ පද මාලාව ලියූ එතුමා යළි සුනිල් එදිරිසිංහයන් පැමිණි පසු මේ ගීතය ලබා දෙනවා.


එදා ප්‍රේමකීර්ති මහතා මිතුරන් සමග සිටි මාර ගහ පිහිටි මාවත අද නම් කර තිබෙන්නේ ද ප්‍රේමකීර්ති ද අල්විස් මාවත නමින්.

Comments


Featured Posts
Recent Posts
Archive
Search By Tags

© 2016 by Madhawa Wijesekara. Proudly created with Wix.com

Send me your comments

Success! Message received.

bottom of page