තැටිය මැද්දෙ කලු කරාපු - මරුවා සමග වාසේ (1977)
- මාධව විජේසේකර
- May 31, 2017
- 3 min read




තැටිය මැද්දෙ කලු කරාපු
පහන් තිරය මැදට ආපු හනුමන්තත් පුදුම හිතෙනවා රාමාටත් බැරි උනාවු මහ වැඩකට පෙලබුනාවු අපි දැකල එයා හඩනවා (ඇයි කොහොද එයා නෑ නෑ දැන් එයා මෙහේ නෑ) ඉරට එලිය අඩු උනාට සදට එලිය අඩු උනාට අපිට මොටද කලාමැදිරියෝ මදුරු තුඩට අහු උනාට ඇගෙන් බිදක් අඩු උනාට නෑ නෑ නෑ නේ දෙනෙත් අඩන්නේ
තැටිය මැද්දෙ කලු කරාපු...
ඉසුරු අහුරු මලු පුරාපු අමුතු ලොවක අප රදාපු සිහින සිහින නොවේ සැමදිනේ
දිනක අපට අප පතාපු ලොවක රජව නං දරාපු පෑදේ පෑදේ වාසනාවේ
තැටිය මැද්දෙ කලු කරාපු...
මේ ගීතය ඇතුළත් වී තිබුණේ ටයිටස් තොටවත්ත මහතා අධ්‍යක්ෂණය කල මරුවා සමග වාසේ චිත්‍රපටියේ. ඒ වෙනකොට තොටවත්ත මහත්තයා කිසිම දවසක ප්‍රේමකීර්ති ද අල්විස් මහතා දැන සිටියේ නැහැ. ඉතින් මේ ගීතයේ මේ අදාල රූප රාමු සඳහා ගීතයක් රචනා කරවා ගන්න කෙනෙක් හොයමින් ඉන්නකොට දවසක් තොටවත්ත මහතාගේ මිත්‍රයෙක් පුංචි මිටි මනුස්සයෙක් ව කැඳවා ගෙන ආවා. "මෙයා ලවා අපි අර සිංදුව ලියවා ගමු කියලා". මේ මිටි මනුස්සයා අන් කවරෙකුවත් නොව ප්‍රේමකීර්ති ද අල්විස් මහතා.
නමුත් ටයි මහත්තයාට නම් විශ්වාසයක් තිබුණේ නැහැ ගීතය ලියයි කියලා. ඒ වුණත් හරි ලියන්නකෝ කියලා එතුමා තේ එකක් එහෙම දීලා තම කාර්යයකට බැහැරට ගියා. "හරි වැඩේ නේ. අර මනුස්සයාට සින්දුව ලියන්න කඩදාසි ටිකක් දෙන්න බැරි වුණානේ" කියා නැවත කඩදාසි ටිකක් අරගෙන ප්‍රේමකීර්ති මහතා මුණ ගැසෙන විට "අපෝ ඔය කඩදාසිවල මහා පතරංගෙත් ලියත හැකි නේ. මම සිංදුව ලියා ඉවරයි." කියමින් සාක්කුවෙන් ලියුම් කවරයක් දිග හැර ටයි මහත්තයා අතට දුන්නා. ඒ ගීතය තමා මේ. එදායින් පසුව ප්‍රේම්-ටයි සුසංයෝගයත් අපූරුවට හැදුණා.
මේ මරුවා සමග වාසේ චිත්‍රපටිය ඉතාමත් ජනප්‍රිය වුණ චිත්‍රපටියක්. ඊට ප්‍රධාන ම හේතුව එහි කතා පුවත අපේ රටේ ආන්දෝලනාත්මක චරිතයක් වුණ මරු සිරා එහෙම නැත්තන් ඩී. ජේ. සිරිපාල පිළිබඳවයි.
මරුවා සමග වාසේ චිත්‍රපටිය ගැන සැකෙවින් :
තිරගත වූ දිනය – 1977 සැප්තැම්බර් 30
ඉදිරිපත් කිරීම – පිරමීඩ් චිත්‍රපට
නිෂ්පාදනය – එච්. කේ. සිරිසේන
කතාව, තිර රචනය, දෙබස්, සංස්කරණය සහ අධ්‍යක්ෂණය – ටයිටස් තොටවත්ත
කැමරා අධ්‍යක්ෂණය – ඇන්ඩෲ ජයමාන්න
සහාය අධ්‍යක්ෂණය – හරිශ්චන්ද්‍ර වීරසිංහ
සහාය නිෂ්පාදනය සහ නිෂ්පාදන අධිකාරි - තිස්ස නාගොඩවිතාන, කුමාරි නාගොඩවිතාන
වේශ නිරූපණය – රංජිත් මතඟවීර / ඊබට් විජේසිංහ
කලා අධ්‍යක්ෂණය – ලයනල් සිල්වා
සටන් අධ්‍යක්ෂණය - සරණපාල සූරියආරච්චි
වෙඩි පිපිරවීම් - ජොනි ඩී. හූඩ් සැකසුම – විජය චිත්‍රාගාරය
ශබ්ද පරිපාලනය – කේ. පී. කේ. බාලසිංහම්
රසායනාගාර පාලක – එස්. තිරනාවුකරසු
නිෂ්චල ඡායාරූප – ලෙස්ලි අමරසිංහ
සංගීත අධ්‍යක්ෂණය – අර්නස්ට් සොයිසා (ප්‍රථම සංගීත අධ්‍යක්ෂණය)
ගීත ප්‍රබන්ධය – කරුණාරත්න අබේසේකර / ප්‍රේමකීර්ති ද අල්විස් / කේ. ඩී. කේ. ධර්මවර්ධන
ගීත :
මගේ අම්මා බුදු වේවා පැතූ - මොහිදීන් බෙග්
තැටිය මැද්දේ කළු කරාපු - එම්. එස්. ප්‍රනාන්දු / එච්. ආර. ජෝතිපාල ඇතුළු පිරිස
තෝසේ මසල වඩේ – ඒ. ඊ. මනෝහරන් / තිස්ස නාගොඩවිතාන ඇතුළු පිරිස
බඹර කලාපයේ පලිඟු විමානයේ - මිල්ටන් මල්ලවආරච්චි / ඇන්ජලින් ගුණතිලක
ශෘංගාරේ ආදරේ – ලතා වල්පොල
මා හදේ සිනා සාගරේ – ඉන්ද්‍රාණි පෙරේරා / තිස්ස නාගොඩවිතාන (මෙම ගීතය චිත්‍රපටයෙන් ඉවත් කරන ලදී)
ගීත පොත් - ශාන්ති පොත්හල, මරදාන / ආනන්ද පොත්හල - මරදාන
ගීත තැටි - සරස්වතී
නළු නිළියන් :
විජය කුමාරණතුංග (මරු සිරා)
ගීතා කුමාරසිංහ (රන් මැණිකා)
රෙක්ස් කොඩිප්පිලි (සීමන් අප්පු)
ඇලෙක්සැන්ඩර් ප්‍රනාන්දු (දෙකේ කනුව)
හෙන්රි ජයසේන (පොලිස් අධිකාරි)
හියුගෝ ප්‍රනාන්දු (මුදලාලි)
ඩී. ආර්. නානායක්කාර (කොර හිඟන්නා)
ජෙනිටා සමරවීර (නාමලී)
රත්නාවලී කැකුණවෙල (ජස්ටින්ගේ මව)
විමල් කුමාර ද කොස්තා (ජස්ටින්)
දෙනවක හාමිනේ(පිස්සි)
සෝමසිරි දෙහිපිටිය (පියදාස)
ගැමුණු විජේසූරිය (සයිමන්)
ටයිටස් තොටවත්ත (පුවත්පත් වාර්තාකරු)
ගාමිණී ගනේගොඩ (පච්චේ)
ෆේරඩී සිල්වා
දොන් සිරිසේන
බන්දුල ගලගෙදර
ඒ. ඊ. මනෝහරන්
සරණපාල සූරියආරච්චි
විජය කොරයා
ඇල්ෆ‍්‍රඩ් පෙරේරා
ඇනස්ලි ඩයස්
සැමුවෙල් රොඩ්රිගෝ
බර්ටි ගුණතිලක
ඇග්නස් සිරිසේන
සිසිර කුමාරතුංග
එඩී. අමරසිංහ
රොනල්ඩ් ෆොන්සේකා
පියදාස විජේකෝන්
බී. ඇස්. පෙරේරා
ප්‍රදර්ශනය – හතරවන මණ්ඩලයේ සිනමා ශාලා 16 කදී ප්‍රදර්ශනය ඇරඹීය.
මංගල දර්ශනය – මරු සිරාගේ බිරිඳ රන් මැණිකාගේ ප්‍රධානත්වයෙන් සැවෝයි සිනමා ශාලාවේදී.
Comentários