බර බාගේ
- මාධව විජේසේකර
- May 26, 2017
- 1 min read

පද : එල්. ආර්. එන්. එච්. පෙරේරා
තණ්ඩලේ … දෙන්නා දෙපොලේ … දක්කනවා …. කටුකැලේ ….
බර බාගේ බර බාගේ // දුටුවේ සිහිවේ පෙර කාලේ
අර කිණි කිණි නද වැල පැතිරෙනවා
ගව කුර හඬ මුසු වෙනවා …//
රෑ මැද කාලේ සීපද තාලේ // අඩනින්දේ පතුරන්නේ රාළ ද ගෝනි පඩංගුවෙ ඉන්නේ සතුටිනි ගැල පදවන්නේ බර බාගේ බර බාගේ
ගෝනි පුරා බඩු බාගෙ දමාලා // රෑ කල ඈත බලාලා
ගාලෙ ලිහා ගොනුගේ කුසයේ ගිණි නිවමිනි උදය කලා …//
බර බාගේ බර බාගේ // දුටුවේ සිහිවේ පෙර කාලේ අර කිණි කිණි නද වැල පැතිරෙනවා ගව කුර හඬ මුසු වෙනවා
එල්. ආර්. එන්. එච්. පෙරේරා මහතා මේ ගීතය රචනා කරලා තියෙන්නේ, තමන්ගේ නිවස ඉදිරිපිටින් යන ගැල් කරුවන් ගැන අධ්‍යයනය කරමින්.
留言