අම්බිලි මාමේ ඔබ මොකද කරන්නේ

පද : එල්. ආර්. එන්. එච්. පෙරේරා
අම්බිලි මාමේ ඔබ මොකද කරන්නේ //
පුලුන් වළා යටින් ඉඳන් එබිල බලන්නේ
වටින් පිටින් ඇදෙන්නේ මුහුණ ඔබේ පිසින්නේ සේද යොදා සැදූ වළා සළුද කියන්නේ
පාත බලන්නේ මුව විහිදන්නේ // රිදී සිනා පපා මෙලෝ එළිය කරන්නේ …//
අම්බිලි මාමේ...
සිසිල් සුළං හමන්නේ සුමුදු සමන් පිපෙන්නේ අඳුරු කැලෑ දසත බලා පැනලා දුවන්නේ තුරු නැළවෙන්නේ සුවඳ හමන්නේ කුසුම් සලා රේණු කැලෑ බිම සරසන්නේ
අම්බිලි මාමේ...
සියල් සතුන් නිදන්නේ සුරන් මෙලෝ වඩින්නේ ගුවන් කුසේ මැණික් රැසේ ඔබ සරසන්නේ
සිරස සදන්නේ රැස් පළඳන්නේ සුපුන් සඳේ ඔබ නිබඳේ ලෝ පුබුදන්නේ …//
අම්බිලි මාමේ...
මේ ගීතය එල්. ආර්. එන්. එච්. පෙරේරා මහතා රචනා කරලා තියෙන්නේ එක්තරා හඳ පෑයූ රාත්‍රියක හඳ දිහා බැලුවාම ඇති වුණ සිතුවිල්ලක් නිසයි. අදටත් පුංචි ළමයින්ගේ සිට මහල්ලා දක්වා මුවග රැඳුණු ලස්සන ගීතයක්.






































Comments