top of page
Search

චාමූරු සජ මං බද්ධේ

  • මාධව විජේසේකර
  • May 24, 2017
  • 2 min read

හඬ : සුනිල් එදිරිසිංහ

චාමූරු සජ මං බද්ධේ

සජ මං මන්ද ලෝචනේ පරිච්චජ මං කල්‍යාණි ඒතම්හි අභිපත්ථිතං

වැළඳගනු මැන යළි යළිත් මා සොඳුරි සෙනෙහස බැඳුණු සැමදා...//

මන්දලෝචන සුන්දරාවිය භද්‍ර යෞවන කල්‍යාණිය...//

වැළඳගනු මැන යළි යළිත් මා සොඳුරි සෙනෙහස බැඳුණු සැමදා...

මා හදේ බෝ කල් තුරා රැඳි මේ පැතුම් නිවනින් මනාසේ...//

වැළඳගනු මැන යළි යළිත් මා සොඳුරි සෙනෙහස බැඳුණු සැමදා...//

මේක අපූරු ගීතයක්. මේ ගීතයේ පද රචකයා හා තනු නිර්මාපකයා කවුද කියලා හොයාගන්න ලැබුණොත් වටිනවා. මේ ගීතයේ මුල් කොටස එහෙම නැත්තන් ස්ථායි කොටස පාලි භාෂාවෙන් රචනා කරලා තියෙන්නේ. හැබැයි මුල් වචනය සංස්කෘත භාෂාවේ එන වචනයක් ලෙසයි මට හොයාගන්න ලැබුණේ. ඉතින් පුංචි ගාථාවක් වගේ ලියලා තියෙන කතාවක් සිංහල භාෂාවෙන් අන්තරා කොටස්වලින් ටිකක් විස්තරාත්මක ව ලියලා තියෙනවා. දහම් පාසලෙන් ලැබූ මගේ පාලි බස ගැන දැනුමට පිං සිද්ධවෙන්න ඒක හොයාගන්නට පුළුවන් වුණා. මට පාලි උගන්නපු සොයිසා සර්, සෝමදාස සර් සහ සුමනරංසි හාමුදුරුවන්ට පිං!!! ඉගෙන ගත්ත දෙයක් කවදාවත් අහක යන්නේ නැහැ.


පාලි භාෂාවේ හල් කිරීම් නැහැ. නමුත් වචන හරියට තේරුම් ගන්න ඕන නිසා හල් කිරීමක් එකතු කලා. දැන් බලමු වචන එකින් එක.

  • චාමූරු चमूरु - මෙය සංස්කෘත භාෂාවේ එන වචනයක්. චාමූරු කියන්නේ මුවන් විශේෂයක්. හැබැයි සංස්කෘත භාෂාවේ "චාමූරුද්‍රිස්" चमूरुदृश् කියලා වචනයක් තියෙනවා. එය ස්ත්‍රී ලිංගික පදයක්. එහි තේරුම මුවකුගේ මෙන් ඇස් ඇති කාන්තාව යන්නයි. (Antelope-eyed woman). මෙහි මන්දලෝචන කියලත් වචනයක් තියෙනවා. එමනිසා චාමූරු යන වචනය යොදාගෙන තියෙන්නේ ඒ තේරුම වැඩියෙන් හුවාදක්වන්න වෙන්න ඕන කියලා මම අනුමාන කරනවා.

  • සජ - වැළඳගන්නවා

  • මං - මා

  • බද්ධේ - බැඳුණු

  • මන්දලෝචන - සුන්දර ඇස්

  • පරිච්චජ - පරිත්‍යාග කරනවා

  • කල්‍යාණි - සුන්දරිය

  • ඒතම්හි - මේ

  • අභිපත්ථිතං - ප්‍රාර්ථනා

දැන් බලමු මේ වචන එකට අමුණලා තේරුම,


මුවෙකුගේ මෙන් ඇස් ඇති සුන්දරාවිය,

වැළඳගනු මැන, මා හා බැඳුණු.

වැළඳගනු මැන මා, ලස්සන ඇස් ඇත්තිය,

මේ පැතුම් ඔබට පුදකල.


අන්තරා කොටස්වල මේ කතාව තමයි දිගටම සිංහලෙන් තවත් ටිකක් වැඩිකරලා කියන්නේ. "සජ මං" කියන කොටස එහෙම නැත්තන් "වැළඳ ගනු මැන මා" කියන කොටස දෙවරක් එන නිසා සිංහලෙන් "වැළඳගනු මැන යළි යළිත් මා" කියලා යොදලා තියෙනවා.

Comments


Featured Posts
Recent Posts
Archive
Search By Tags

© 2016 by Madhawa Wijesekara. Proudly created with Wix.com

Send me your comments

Success! Message received.

bottom of page