top of page
Search

පාතුරහෝසී බුද්ධ ජයන්ති

  • මාධව විජේසේකර
  • May 22, 2017
  • 1 min read

හඬ සහ තනුව : ආචාර්ය පණ්ඩිත් ඩබ්. ඩී. අමරදේව

පද : ශ්‍රී චන්ද්‍රරත්න මානවසිංහ

පාතුරහෝසී බුද්ධ ජයන්ති//

ධම්ම සමය උදපාදී//

උට්ඨහථ නිසීදථ ධාරේථ ධම්මං ආරභථ නික්ඛමථ චරථ චාරිකං අරිය සච්චං ධම්මං ඤාණං ආලෝකෝ උදපාදී//

පාතුරහෝසි බුද්ධ ජයන්ති// ධම්ම සමය උදපාදී// පාතුරහෝසී බුද්ධ ජයන්ති// ධම්ම සමය උදපාදී//

සම්බෝධී පාරමී පූරේථ නිච්චං සක්කේථ සාධුකං පටිපත්ති අග්ගං සචකිත පවනේ තරුවන ගහණේ ලම්බිත ලීලාකේලී පල්ලව කුසුමාවලි ගායන්ති බුද්ධ බුද්ධ අනුගීතං

පාතුරහෝසී බුද්ධ ජයන්ති// ධම්ම සමය උදපාදී//

ශ්‍රී චන්ද්‍රරත්න මානවසිංහයන් යනු සිංහල බස පමණක් දැනසිටි වියතෙක් පමණක් නොවේ. එතුමාට පාලි, සංස්කෘත, හින්දි සහ වංග භාෂාවල ද මනා පරිචයක් තිබූ අයෙක්. අදටත් සරසවි සිනමා සම්මාන උළලේ ආරම්භයේ දී පණ්ඩිත් අමරදේවයන් ගයන "ජගන් මෝහිනී" නම් සරස්වතී අභිනන්දන ගීතය එතුමා රචනා කර ඇත්තේ සංස්කෘත බසිනි.


2500 බුද්ධ ජයන්ති ගීතය නිමිති කරගෙන එතුමා මේ ගීතය රචනා කිරීමට තෝරාගෙන ඇත්තේ පාලි භාෂාවයි. එනම් මාගධී බසයි. ඊට හේතුව බුදුපියාණන් වහන්සේ තම ධර්මය දේශනා කලේ පාලි හෙවත් මාගධී බසිනි. එමනිසාම මානවසිංහයන් මේ ගීතය පාලි බසින් ම රචනා කිරීම එක අතකින් එතුමාගේ භාෂා පරිචය මනාව විදා දක්වන අවස්ථාවක්.


මේ ගීතයේ තේරුම ඔබ සියළු දෙනාගේම පහන් සංවේගය උදෙසා මම මෙසේ ලියමි. දහම් පාසලෙන් ලැබූ මගේ පාලි බස ගැන දැනුමට පිං සිද්ධවෙන්න ඒක හොයාගන්නට පුළුවන් වුණා. මට පාලි උගන්නපු සොයිසා සර්, සෝමදාස සර් සහ සුමනරංසි හාමුදුරුවන්ට පිං!!! ඉගෙන ගත්ත දෙයක් කවදාවත් අහක යන්නේ නැහැ.


බුද්ධ ජයන්තිය පහළවිය! ධර්මයෙහි කාලය පහළවිය


ධර්ම ඥානය නම් වූ උතුම් වූ සත්‍යයේ ආලෝකය ලොව පහළ වී ඇත. නැගීටින්න! හිඳගන්න! ධර්මය ධාරණය කරගන්න ධර්මයේ හැසිරීම නම් වූ චාරිකාව ආරම්භ කිරීම සඳහා පිටත්වන්න.


ප්‍රතිපත්ති උතුම් කොට, මනාලෙස සකස්කොට, සම්බෝධි පාරමි දම් නිතරම පුරන්න.

වනයේ ගහකොළවල අතුපතරේ එල්ලී සිට, හමන පවනේ නැටුම් විලාස පානා දලුත් මලුත්, 'බුද්ධ' 'බුද්ධ' යන වදනින් ගීයක්‌ ගයයි.

Comments


Featured Posts
Recent Posts
Archive
Search By Tags

© 2016 by Madhawa Wijesekara. Proudly created with Wix.com

Send me your comments

Success! Message received.

bottom of page