මල් වියනින් බැඳි
- මාධව විජේසේකර
- May 21, 2017
- 2 min read


මල් වියනින් බැඳි මහ බැද්දේ වුන්
අකුරු කොරන්නට නුවරට ගියෙ මං නුවර පිරිලා එරමිණි කටුවැල් ආයෙත් බැද්දට එනවා මං ...// තෙන් තෙදිනන් තෙදිනන් තෙදිනන් තෙදිනන් තෙදිනානේ තෙදිනන් තෙදිනන් තෙදිනන් තෙදිනන් තෙදිනානේ මල් පැණි මෝරණ කාලෙට බැද්දේ ගී පද ගොතලා තාලෙට කීවේ ...// සොරබොර වැව ළඟ කොමළිගෙ කෝමළ නුවර කෙහේවත් තිබුණා නම් මල් වියනින් බැඳි... තෙන් තෙදිනන් තෙදිනන් තෙදිනන් තෙදිනන් තෙදිනානේ තෙදිනන් තෙදිනන් තෙදිනන් තෙදිනන් තෙදිනානේ මහතුන් වෙනවට වැඩිය හොඳයි මට බැද්දෙ බතක් කර සිටියානම් ..// මල් පට ඇරුණම කුරුලු මිටෙන් හැර ආයෙත් බැද්දට එනවා මං මල් වියනින් බැඳි... තෙන් තෙදිනන් තෙදිනන් තෙදිනන් තෙදිනන් තෙදිනානේ තෙදිනන් තෙදිනන් තෙදිනන් තෙදිනන් තෙදිනානේ ...////
රාජ්‍ය නැටුම් සහ සංගීත කණ්ඩායමේ බෙර වාදන සහ නර්තන ශිල්පියෙක් වූ සේනානායක වේරලියද්දයන් අගනුවරට පැමිණි පසු එතුමාට යන්නට තිබුණේ තැන් දෙකක් පමණයි. ඒ ජෝන් ද සිල්වා සමරු රඟහල සහ සුදර්ශිය හෙවත් සිංහල සංස්කෘතික ආයතනයයි. සුදර්ශියේ දී එතුමාට මුණ ගැහෙනවා ශාන්ත දේශබන්දු මහතාව. අද එතුමා ජීවතුන් අතර නැහැ. එතුමාගෙන් වේරලියද්දට බොහෝ පද රචනා නිර්මාණය වෙනවා.
දවසක් සුදර්ශියට ගිය අවස්ථාවක මේ පද රචනාව දේශබන්දු මහතාගෙන් වේරලියද්ද මහතාට ලැබෙනවා. එයත් අරගෙන යළි රාත්‍රියේ ආපහු ජෝන් ද සිල්වා රඟහල වෙතට පැමිණෙනවා. කවුරුත් නැහැ. බෙර වාදන ශිල්පියෙක් වුණත්, වේරලියද්ද ශූරීන්ට සංගීතය ගැන සංගීත භාණ්ඩ වැයීම ගැන හොඳ හැකියාවක් තිබුණා. සර්පිනාවක් අරගෙන මේ ගීතයට තනුවක් දානකොට, නැටුම් කණ්ඩායමේ අයත් එළියට ගිහින් ඇවිත් රඟහල ඇතුළට ඇවිත් පහතරට බෙරයක් අරගෙන මහා හයියෙන් වාදනය කලා. බෙරය වාදනය කලේ අද අපි අතර නැති බෙරවාදන ශිල්පියෙක් වූ මහින්ද කොල්පිට මහතා.
"ගිදි ගිදි ගත ගදි ගත ගත ගිදි ගිදි ගත ගදි ගත ගත..."
දැන් හද හදා හිටපු තනුව කැලේ. වේරලියද්ද ශූරීන්ටත් හිතුණා මේ තාලයට එකතු වෙන්න.
"තෙන් තෙදිනන් තෙදිනන් තෙදිනන් තෙදිනන් තෙදිනානේ තෙදිනන් තෙදිනන් තෙදිනන් තෙදිනන් තෙදිනානේ"
ඔහොම එතුමාත් ගයන්න පටන්ගත්තාම, මතක් වුණා අර පද රචනාව. තම මිතුරාට දිගටම බෙරය වාදනය කරන්න කියලා පද රචනාව අරගෙන ඇවිත්, අද අපි අහන තනුවට අර බෙර පදයට කියන්න පටන් ගත්තා. අවසානයේ දී ඒ තනුවට අතුරු සංගීත ඛණ්ඩ යොදලා තමයි මේ ගීතය සම්පූර්ණ වුණේ.
Коментарі