බොඳ මීදුම් කඳුරැල්ලේ - දුහුළු මලක් (1976)
- මාධව විජේසේකර
- May 22, 2017
- 2 min read




බොඳ මීදුම් කඳුරැල්ලේ..
සුරංගනා රජ දහනේ.. ඔබේ සිනා කඳුළු බිඳක් හෙටත් වාසනා..හෙටත් වාසනාවන්.. සිහින නදී රළ රැල්ලේ.. පැතුම් රුවල් රන් ඔරුවෙ.. ඔබේ නිමල නිද්‍රා ගී මටත් වාසනා..මටත් වාසනාවන්..
හිතක තැවුල් සංසිඳිලා.. මිටියාවත මල් ඉසිලා.. මල් වරුසා සුවඳ සමය මටත් වාසනා..මටත් වාසනාවන්.. රෑ සියන්ගේ නොනිමි නාද තැවුල් කොවුල් විහඟ ගීත අපට ඇරුණු හුදකලාව හෙටත් වාසනා..හෙටත් වාසනාවන්..
සිහින නදී රළ...
මාල හතක් පළදන්නට.. හීන හතක් එලිවන්නට.. දොලොස් මහේ පහන් එළිය මටත් වාසනා..මටත් වාසනාවන්.. අනාගතය කිරුළු දරා.. දෙපා මුලට වඩින තුරා.. ලවන් පොඟන මියුරු තෙපුල් හෙටත් වාසනා..හෙටත් වාසනාවන්..
මටත් වාසනා හෙටත් වාසනාවන්..////
දවසක් විජය ධර්ම ශ්‍රී මහතා, ආචාර්ය අජන්තා රණසිංහයන් හොයාගෙන එනවා. ඒ වෙනකොට දෙදෙනා එකිනෙකා හඳුනන්නේ නැහැ. නමුත් හොයාගෙන ඇවිත් ධර්ම ශ්‍රී මහතා කියනවා "මම අලූත් චිත්‍රපටියක් කරන්නට යනවා. එහි ගීත දෙකක් ලියන්න බාරදෙන්නයි ආවේ. මේකේ එකක් යුග ගීතයක් වෙන්න ඕන. ඒකේ පිරිමි කටහඬ සඳහා හොද අනාගතයක් තියෙන බලාපොරොත්තු තබාගත හැකි ගායන ශිල්පියෙක් ඉන්නවා නම් යොදාගමු" කියලා. එක්වරම අජන්තා රණසිංහයන් යෝජනා කරනවා අබේවර්ධන බාලසූරිය මහතාව. එතුමා පිළිබඳ කෙටි විස්තරයක් කල පසු ධර්ම ශ්‍රී මහතා එතුමා ව තෝරාගන්නවා.
ගීතයේ ස්ත්‍රී පාර්ශවය සඳහා සුජාතා අත්තනායක මහත්මියව තෝරාගන්නේ. එතුමිය එවකට ප්‍රවීණයෙක් වීමත් අබේවර්ධන බාලසූරිය මහතා නවකයෙක් වීමත් නිසා පටිගත කිරීමට පෙර අජන්තා රණසිංහයන් අබේවර්ධන මහතාව සුජාතා මහත්මියගේ නිවසට කැඳවාගෙන යනවා. ඇයට හඳුන්වා දී කාරණය කියූ පසු, "මම කැමති මේ ළමයත් එක්ක ගයන්න" යනුවෙන් ඉතාම නිහතමානීව එකඟ වෙනවා.
ඇත්තටම අබේවර්ධන මහතාගේ ගායනය සුජාතා අත්තනායක මහත්මියට කිසිම මදිපාඩුවක් නොවන සේ, සරත් දසනායකයන් හෝ අජන්තා රණසිංහයන් බලාපොරොත්තු නොවූ තරම් විශිෂ්ඨ එකක් වූවා.
දුහුළු මලක් චිත්‍රපටිය ගැන සැකෙවින් :
තිරගත වූ දිනය – 1976 ජුනි 25
ඉදිරිපත් කිරීම - සීමිත සිනෙසිළු
නිෂ්පාදනය – නන්ද ජයසිංහ
තිරනාටකය, දෙබස් සහ අධ්‍යක්ෂණය – විජය ධර්ම ශ්‍රී
කතාව - හි. ලි. විජේතුංග
කැමරා අධ්‍යක්ෂණය - සුමිත්ත අමරසිංහ
සහාය අධ්‍යක්ෂණය - සෝමපාල ලැනරෝල් / සාලි කුමාරගේ
සංස්කරණය – ජයතිස්ස දිල්ලිමුණි
වේශ නිරූපණය – එස්. පී. කොස්තා
කැමරා සහ විදුලි ආලෝක උපදෙස් - ලෙස්ටර් ජේම්ස් පීරිස්
කැමරා සහාය – චන්ද්‍රලාල් මනමේන්ද්‍ර
නැටුම් අධ්‍යක්ෂණය - වොඩම් වෝලා
සැකසුම – ලංකා චිත්‍රාගාරය / රාජ්‍ය චිතුපට සංස්ථා චිත්‍රාගාරය
ගීත පටිගත කිරීම – මර්වින් බෙන්ස්
ශබ්ද පරිපාලනය - ජෝර්ජ් මනතුංග
ශබ්ද මිශ්‍රණය – නිමල් වීරක්කොඩි
රසායනාගාර පාලක – එස්. තිරනාවුකරසු
නාමාවලිය - ඩෙනිස්ටස් නන්දසේන
සංගීත අධ්‍යක්ෂණය - සරත් දසනායක
ගීත සංඛ්‍යාව - 04
ගීත :
බොඳ මීදුම් කඳුරැල්ලේ - අබේවර්ධන බාලසූරිය / සුජාතා අත්තනායක ( අජන්තා රණසිංහ )
රන් කෙන්දෙන් බැඳ – නන්දා මාලනී ( අජන්තා රණසිංහ )
රෝමය ලෙසේ - මිල්ටන් මල්ලවාරච්චි ( ධර්මසිරි ගමගේ )
සීතලේ දිලි – ඉන්ද්‍රාණි පෙරේරා ( ප්‍රේමකීර්ති ද අස්විස් )
ගීත පොත් - ශාන්ති පොත්හල - මරදාන
ගීත තැටි - ජෙම්ටෝන්
නළු නිළියන් :
ටෝනි රණසිංහ
නීටා ප්‍රනාන්දු
රවීන්ද්‍ර රන්දෙණිය
සමන්ති ලැනරෝල්
ප්‍රීති රන්දෙණිය
සුමින්ද සිරිසේන
ඉනෝකා වීරසිංහ
කුමුදිනී විජේකෝන්
ජේ. බී. එල්. ගුණසේකර
ඇග්නස් සිරිසේන
අහුන්ගල්ලේ අරුණතිලක
සුනන්දා ප්‍රනාන්දු
ප්‍රදර්ශනය - සැවොයි, ක්‍රවුන්, ලිඩෝ, ඇතුළු හතරවන මණ්ඩලයේ සිනමා ශාලා 16 කදී ප්‍රදර්ශනය ඇරඹීය.
විශේෂතා :
1977 පෙබරවාරි 05 වැනි දින පැවති ඕ.සී.අයි.සී උත්තමාචාර සිනමා සම්මාන උළෙලේ දී නිර්මාණශීලී රංග කුසලතා වෙනුවෙන් ටෝනි රණසිංහ සහ නීටා ප්‍රනාන්දු සම්මානයෙන් පිදුම් ලැබීය.
ප්‍රදර්ශන කාලය - සැවොයි හි දින 50 ක්ද, ලිඩෝ හි දින 75 ක්ද පෙන්වනු ලැබීය.
Commenti