කල්පනා ලොව මල් වනේ
- මාධව විජේසේකර
- May 22, 2017
- 1 min read



කල්පනා ලොව මල් වනේ
සිහින රජ දහනේ ආදරේ ආදරේ නීල අහසේ තාරකා සේ ඈ නුවන් දල්වා බලන්නී ප්‍රේමයේ මායා දැලින් මා සිත් නුවන් බඳවා තබන්නී කල්පනා ලොව මල් වනේ... මා වටා සහසක් යුගත් පා ඈ රුවින් පිළිරූ මැවීලා පාව යයි මුළු ජීවිතේ සුදු මීදුමෙන් දැවටී එතීලා කල්පනා ලොව මල් වනේ...
මේ ගීතය එවකට ගුවන්විදුලියේ ගී පද රචකයින් සඳහා නිෂ්පාදනය කල "මියුරුස වින්ඳන" නම් වැඩසටහනට නිර්මාණය වූ ගීතයක්. අබේවර්ධන බාලසූරියන්ට අජන්තා රණසිංහයන් මුණගස්වන්නේ මල්කාන්ති නන්දසිරි මහත්මිය විසින්. ඒ නිසාම දෙදෙනා අතර ඉක්මන් මිත්‍රත්වයක් ගොඩනැගෙනවා. මේ ගීතය රචනා වෙන්නෙත් එහි ප්‍රතිඵලයක් හැටියටයි.
ආචාර්ය කේමදාසයන් අතින් වැඩසටහන පටිගත කරන අවස්ථාවේ දී මේ ගීතයට තනුව නිර්මාණය වෙනවා. අජන්තා රණසිංහයන් සහ කේමදාසයන් බලාපොරොත්තු වූවාටත් වඩා හොඳින් අබේවර්ධන බාලසූරියන් මේ ගීතය ගයනවා. ඒ නිසාම අදටත් ජනප්‍රියත්වයේ අඩුවක් නැහැ.
Comentarios