top of page
Search

ළා සඳ එළියේ නා පෙති හැලිලා

  • මාධව විජේසේකර
  • May 20, 2017
  • 1 min read

හඬ : නිරංජලා සරෝජිනි

පද : දයා ද අල්විස්

තනුව : එච්. එම්. ජයවර්ධන

ළා සඳ එළියේ නා පෙති හැලිලා

නා මල් සුවඳයි විහිදෙන්නේ මා දිවි රැය සුවඳින් මල් පුබුදා සඳදිය ඉල්ලයි හිමි සඳුනේ.. මවත් ඔබයි මගේ පියත් ඔබයි මගේ පිළිසරණත් ඔබමය වන්නේ අද සිට මගේ ඉටු දෙවියන් ඔබ වේ ඔබගෙනි සැප දුක විමසන්නේ.. නා පෙති සිඹලා තරු එළි නිවලා සඳවත සැතපෙයි මල් යහනේ ඔබේ දෙපා මත හිස රඳවන්නම් පළමු වතාවට හිමි සඳුනේ.. ඔබේ දෙපා මත හිස රඳවන්නම් ම්..හ්.. හ්.. ම්.. හ්.. ම්..

මේ ගීතය දයා ද අල්විස් මහත්මියගෙන්, නිරංජලා සරෝජිනි මහත්මියගේ විවාහය සඳහා "මංගල තෑග්ග" ලෙස රචනා කර දුන් ගීතයක්. නිරංජලා සරෝජිනී "මෙනෙවිය", අබේවර්ධන බාලසූරිය මහතා සමග විවාහවෙන්නට සති දෙකකට පෙර සරල ගී වැඩසටහනක් නියමිතව තිබුණා. ඒ සඳහා ගීතයක් නිර්මාණය කර දෙන මෙන් ඇය දයා ද අල්විස් මහත්මියගෙන් ඉල්ලා සිටියා. තව සති 2කින් විවාහ වෙන්නට නියමිත තම ළබැඳි මිතුරියට, විවාහ වූ දින මධු සමය ගත කරන රාත්‍රියේ දී මනාලියගේ සිතේ ඇති සතුට සහ තම ළයාදර සැමියා වෙනුවෙන් පුදන සෙනෙහස දැක්වෙන ආකාරයට එතුමිය පද මාලාව සකස් කර දුන්නා.


මේ ගීතය ප්‍රචාරය වූ පසු එක්තරා පුද්ගලයෙක් දයා ද අල්විස් මහත්මියගෙන් අසා තිබෙනවා "ඔබේ දෙපා මත හිස රඳවන්නම් පළමු වතාවට හිමි සඳුනේ" කියලා තියෙන කොටසේ හැටියට දැන් කාලේ ඔහොම ගෑණු ඉන්නවා ද කියා!!! මොකද "පළමු වතාවට" කියන වචන දෙක නිසයි එහෙම අහලා තියෙන්නේ. එතුමිය මොන විදියේ පිළිතුරක් දුන්නාද කියන්න නම් මම දන්නේ නෑ. මට මේ කතාව ඇය රූපවාහිනී වැඩසටහනකදී කිව්ව නිසයි මතක තිබුණේ.

Comments


Featured Posts
Recent Posts
Archive
Search By Tags

© 2016 by Madhawa Wijesekara. Proudly created with Wix.com

Send me your comments

Success! Message received.

bottom of page