සිනා තොටක් විය
- මාධව විජේසේකර
- May 21, 2017
- 1 min read



සිනාතොටක් විය ඔබ පාමුල මා ලද සරදම්
මහෝගයක් විය ඔබෙන් ලැබූ අපමණ අභිමන් නොහඩා ඉන්නම් ගිලිහුන දා පෙම් ලොව මල්දම් දුටුව නිසා අදරයෙ දෙව් රුව ඔබගෙන් මං
බොසත් ඔබ සිත ලග උවැසිය වි දැහැනට වී සිටියා මිස නොදනිමි කොයි සිටියාදැයි මලවී පුදසුන් මත මිය යද්දි සහසක් මල් පරවී නොපිදු මල තවමත් ඇත ඔබ ගැන බැති බරවී
මගෙන් මිදුනු ලොව ඔබට මිහිරි නම් එය සැපකී ඔබට ලංව දුක බෙදා ගන්න බැරිකම දුකකී මෙවැනි බැදුම් අදහනු බැරි ලෝකය සිර ගෙයකී එවන් ලොවක මේ හමුවීමත් වාවනු නොහැකී
මේ ගීතයට පාදක වෙච්ච සිද්ධිය නම් නිරෝෂා විරාජීනිගේ පෞද්ගලික ජීවිතේ අත්දැකීමක්. ඇයට තමන්ගේ ඒ අත්දැකීම ගීතයකට හරවා ගන්න අවශ්‍ය වුණා. ඒ නිසා ම බන්දුල නානායක්කාරවසම් මහතාට දුරකතනයෙන් ඇගේ හැඟීම විනාඩි 45ක් තිස්සේ කිව්වා. ඒ හැඟීම් සාවධානව අසා සිටි බන්දුලයන් අතින් මේ ගීතය රචනා වුණා.
හැබැයි තනුව යොදන විට නම්, ආචාර්ය රෝහණ වීරසිංහයන් පද මාලාව ගැන සතුටු වුණේ නැහැ. හේතුව වචන ප්‍රමාණය වැඩි නිසා. නමුත් නිරෝෂාගේ දැඩි ඉල්ලීම නිසා එක වචනයක්වත් වෙනස් නොකර ආරම්භක සහ අතුරු සංගීත ඛණ්ඩ (Introduction & Interlude) අඩුවෙන් යොදා ගීතයට තනුවක් නිර්මාණය කලා. නමුත් ගීතය ජනප්‍රියත්වයෙන් කිසිම අඩුවක් වුණේ නෑ. බැරි වෙලාවත් වචන අඩුකලා නම් අපිට අද දැනෙන හැඟීම දැනෙන එකක් නැහැ.
Comments