මුතුකුඩ ඉහලන මල් වරුසාවේ
- මාධව විජේසේකර
- May 21, 2017
- 1 min read


මුතුකුඩ ඉහළන මල් වරුසාවේ උඩ ඉගිලෙන විට වැහි ලේණී
එබී බලා රිය කවුළු දොරින් යට ගිය දවසේ දෑස ගියා ඉගිලී....
අඳුරු ලලා සෙංකඩගල වැස්සේ දිය දහරා පාටයි දේදුන්නේ තෙමී තෙමී ආදර මධු වැස්සේ ගිය දෙදෙනා අද යනවා දෙමංතලේ...
රිය ඇතුළේ උණුසුම ඔබට දිදී නහවයි මා රියසක මඩ වතුරේ
නෑ හිත රිදුණේ අදත් එදා සිහිවී අපේ සබඳකම් නෑ රිය සක දන්නේ...
දවසක් ලූෂන් බුලත්සිංහලයන් මහ වැස්සක තම දියණිය වූ ඉන්ද්‍රචාපා බුලත්සිංහල එක්ක කුඩේ යටින් ගෙදර එනවා. පාරේ ගිය කාර් එකක මඩ වතුර පහරින් ඔවුන් දෙදෙනා තෙමුණා. කාර් එක ඇතුළේ හිටියේ කලක් ලූෂන් බුලත්සිංහලයන් පෙම් කරපු තරුණිය හා ඇගේ සැමියා.
ඒ සිද්ධිය මේ ගීතයේ ලියවී ඇති අපූරුව ඉන් එහාට මම කියන්න යන්නේ නැහැ. හැබැයි 90 දශකයේ මේ ගීතයට අපූරු රූප රචනාවක් ජාතික රූපවාහිනියේ විකාශය වුණා. යශෝධා විමලධර්ම තමයි අර පැරණි පෙම්වතියගේ චරිතයට රඟපෑවේ. ඒ වීඩියෝ එකත් මෙතන මම උපුටා දක්වලා තියෙනවා. හැබැයි ශබ්දය නම් ටිකක් දුර්වලයි.
Comments