පෙරුම් පුරාගෙන ආ සංසාරේ
- මාධව විජේසේකර
- May 21, 2017
- 2 min read

පද : වජිර මහකණුමුල්ල
පෙරුම් පුරාගෙන ආ සංසාරේ පැතුමද සුනු විසුනුව වැටුනේ
කාටද රිදුනේ කවුරුද හැඩුවේ දුම්රිය මොහොතක් නතර වුනේ
මලක් වගේ රොන් සුවඳ වගේ ජිවතය සුව අපමන වේ ...// දොලක් වගේ දිය දෝත වගේ ජිවතයේ අම සිසල දැනේ....
පෙරුම් පුරාගෙන ආ සංසාරේ... වරක් නෙතඟ කඳුළැලි පිරුණාදෝ සිතට දරාගනු බැරි දුක් වීදෝ....// දිවිය මොන තරම් සුන්දරදෝ දුකම කොයි තරම් සතුටක්දෝ...
පෙරුම් පුරාගෙන ආ සංසාරේ...
අනුරාධපුර සිට කොළඹ බලා ගමන්කරන දුම්රිය සුපුරුදු පරිදි අනුරාධපුර නැවතුම්පොළින් පිටත් වුනා. මේ කියන්න හදන කතාවට මුහුණු දුන්නේ ස්වාමීන් වහන්සේ නමක්. ඒ තමයි මහකණුමුල්ලේ වජිර හිමි. උන්වහන්සේ දුම්රියට ගොඩවැදුනේ කොළඹ බලා වඩින්න. දුම්රියේ මුල්ලක තිබුන අසුනක උන්වහන්සේ අසුන් ගන්නවා. වැඩි සෙනඟක් එදා හිටපු නැති නිසා වැඩි කලබලයක් තිබුනේ නෑ.
දුම්රිය අනුරාධපුරයෙන් පිටත් වෙලා ටික දුරක් එනවා. වැඩිය ජනාකීර්ණ නොවුණු නැවතුම්පොළක් නැති තැනක හදිස්සියේම දුම්රිය නතර කරනවා. ටික වෙලාවකින් දුම්රිය හිටපු අය කලබලයෙන් දුම්රිය එංජිම පැත්තට යන්න පටන් ගන්නවා. මිනිස්සු ඒ මේ අත දුවනවා. හරිම කලබලයක් මේ හාමුදුරුවෝ දකිනවා. මේ වෙලාවේ හාමුදුරුවෝ ළග හිටපු පුද්ගලයෙක් යනවා මේ කලබලය මොකක්ද කියලා බලන්න.කොහොම වුනත් හාමුදුරුවෝ නම් එලියට වඩින්නේ නෑ. සිද්ධිය යාන්තමට තේරුම් ගන්න උන්වහන්සේට පුලුවන් වෙනවා. ඔය අතරේ සිද්ධිය බලන්න ගියපු හාමුදුරුවෝ ළග හිටපු පුද්ගලයා ආයෙත් අසුනට එනවා. හාමුදුරුවෝ මේ ගැන ඔහුගෙන් විස්තර අහනවා.
මොකක්ද වෙලා තියෙන්නේ?. ජෝඩුවක් කෝච්චිය පැනලා හාමුදුරුවනේ. ඉතින්? එතනමයි හාමුදුරුවනේ. කෑලි. තරුණ අයද? ඔව්. තවම ඉස්කෝලේ යනවා ඇති. එච්චර වයසක් පේන්න නෑ.
කලබල ගතිය ටික වෙලාවකින් නැති වුණා. කෝච්චිය ආයෙත් සුපුරුදු ගමන ආරම්භ කළා. ඊලඟ නැවතුම්පොළින් හාමුදුරුවෝ ළග හිටපු මගීන් බැහැලා ගියා. මෙච්චර වෙලා හිතේ කකියපු ගොඩක් දේවල් පෑනක් අරන් තමන්ගේ නෝට් පොත එලියට අරන් ගලපන්න පටන් ගත්තා.
ඔය විදිහට තමයි මේ දුක්බර ගීතය ලියවෙන්නේ. මේක සත්‍ය කතාවක්. කොහොම උනත් මේ කතාවට මුහුණ දුන් ස්වාමීන් වහන්සේ මේ වෙනකොට ගිහි ජීවිතයක් ගතකරනවා වජිර මහකණුමුල්ල තමයි වර්තමාන ගිහි නම. කොහොම හරි මේ මියගිය තරුණියගේ පවුලේ අය රචකයා ගෙන් ඉල්ලීමක් කරලා තියෙනවාලු මේ සිද්ධියේ ඇත්ත කතාව කියන්න එපා කියලා. ඒක තමයි මේ සිද්ධියේ නම් ගම් නිවැරදි විදිහට කිසිම තැනක නැත්තේ.
පෙරුම් පුරාගෙන ආ සංසාරේ පැතුමද සුනු විසුනුව වැටුනේ කාටද රිදුනේ කවුරුද හැඩුවේ දුම්රිය මොහොතක් නතර වුනේ
මේ අපි පෙරුම් පුරාගෙන ආපු සංසාර ගමන පැතුම් සුණුවිසුණු වීම සාමාන්‍ය දෙයක්. ඉතින් ඔබේ පැතුම් බොද වුනාද? ඒකට උත්තරයද මේ? මේ කරගත්තු දෙයින් ඒ පැතුම් ඉටුවෙයිද? ඔයා කාටද මෙහෙම රිදවන්න හැදුවේ?. අවසානයේ වුණේ මේ කෝච්චිය ටික වෙලාවකට නතර වුණ එක විතරයි.
මලක් වගේ රොන් සුවඳ වගේ ජිවතය සුව අපමන වේ ...// දොලක් වගේ දිය දෝත වගේ ජිවතයේ අම සිසල දැනේ....
මේක හැමෝටම ලොකු පාඩමක්. ස්වාමීන් වහන්සේ මේ ගැන දැනුවත් කරන්න ගීතය යොදා ගන්නවා. පරිසරයට උපමා යොදනවා. අපිට මේ ජීවිතේ ගොඩක් දේවල්ට මුහුණ දෙන්න වෙනවා. ඒ හැම දෙයක්ම සතුටක් නම් අපිට දෙන්නේ නෑ.
වරක් නෙතඟ කඳුළැලි පිරුණාදෝ සිතට දරාගනු බැරි දුක් වීදෝ....// දිවිය මොන තරම් සුන්දරදෝ දුකම කොයි තරම් සතුටක්දෝ...
ඇස්වලට කදුළු එන, හිත රිදවන දෙයක් ඔබට වෙන්න ඇති. ඒක හිතට දරාගන්න බැරිවෙන්න ඇති. ඔයාට ඒවට මුහුණ දෙන්න තිබුනා. මේ වගේ මනුෂ්‍ය ජීවිතයක් ලබන්න හරිම අමාරුයි. මේ අපිට ලැබෙන දුක සතුට මොනතරම් අපිට ලැබෙනවාද? ඒක හැමෝටම පොදු දෙයක්. මේ දුක තුළ සැගවුනු සතුට ඔයාට තේරුම් ගන්න බැරිවුණා.
コメント