top of page
Search

කඳු අතරේ බැඳී

  • මාධව විජේසේකර
  • May 21, 2017
  • 1 min read

හඬ සහ තනුව : ආත්මා ලියනගේ

පද : සමන් පාලිත

කඳු අතරේ බැඳී මිහිදුම් පටල සේ

පියඹා යද්දී අපගේ ආලේ

තැවුල් නිවා ගමු නිමිකර නොබලා

මිලාන වී යන අපගේ ආලේ


හඳුනාගත්ත ද පෙම් ලොව ඔබගේ

පියමං කෙරුව ද පෙම් ලොව ඔබගේ

ඔබ අන්සතු වී මා අන්සතු වී

නික්මී යමු අපි පෙම්මල් උයනේ


මේ ගීතය ආත්මා ලියනගේ මහතා ලවා බලහත්කාරයෙන් වගේ ගයවපු ගීතයක්. හැබැයි අදටත් අපි අතරේ ජනප්‍රිය වෙලා තියෙන නිසා ගීතය ලියපු සමන් පාලිත මහතාට අවැඩක් වුණේ නැහැ. එතුමා 1991 කාලයේ බණ්ඩාරවෙල මධ්‍ය මහා විද්‍යාලයේ ගුරුවරයෙක් ලෙස කටයුතු කරනා කාලයේ, ආත්මා ලියනගේ මහතාගේ "ලියතඹරා" ප්‍රසංගයක් සංවිධානය කලා. ඒ අතරේ එතුමා තමන්ගේ සිසුන්ට කියලා තිබුණා ආත්මා ලියනගේ මහතා තමන් ලියපු ගීතයක් ගායනා කරනවා කියලා.


ඉතින් ප්‍රසංගයට ආපු වෙලාවේ, සමන් මහතා, ආත්මා ලියනගේ මහතාට මේ පද මාලාව දීලා කිව්වා "ඔයා අනිවාර්යෙන්ම මේ ගීතය කියන්නම ඕන. මම ළමයින්ට පවා කියලා තියෙන්නේ". දැන් මොකද කරන්නේ. සංවිධායකගේ ඉල්ලීම අහක දාන්නත් බෑ, අන්තිමේ දී ක්ෂණිකව මේ ගීතය අද අහන තනුවට යන්තම් අටවලා එවෙලේ ගායනා කලා. හැබැයි අද අපි මේ ගීතයේ අහන අතුරු සංගීත ඛණ්ඩ ඔක්කෝම පස්සේ නිර්මාණය කරපු ඒවා.

Comentarios


Featured Posts
Recent Posts
Archive
Search By Tags

© 2016 by Madhawa Wijesekara. Proudly created with Wix.com

Send me your comments

Success! Message received.

bottom of page