කතරක තනිවී
- මාධව විජේසේකර
- May 21, 2017
- 1 min read


කතරක තනිවී ඔබ යන අයුරු පෙනී පෙනී
හිම සීල මුදුනත සිටියද මහද ගිනි ගනී ගිම්හානය පැමිණේ එක් තැනම නොම රැදී පැමිණෙන දුක් පැණි රස බව නොසිතුනිද ළදේ
සඳ නොදන්නා නමුදු සඳට එලිය හිරු ගෙනි ඔබ නොදන්නා නමුදු ඔබට සෙවන මම වෙමි සෙනෙහස හද තුල උතුරා ගලනු දැනී දැනී තව විමසන සිරිතට නිහඩවම හිනේහෙමි
විසල් තුරු මුදුන් පල නැත නොපිපුණු කැකුළු දසන් දෙතිස කුමටද නැති විට මුව මුකුළු ගගක් ලෙස ගලා විත් නැමී නැමී දඟ වැදී මගෙත් දෙපා සිපගනු මැන සිහිල සිතට දී
ගීතයක පද රචනාවේ එක අකුරක් කියන්නේ හරිම වැදගත් දෙයක්. එක අකුරකට පුළුවන් ගීතයක් සම්පූර්ණයෙන්ම වෙනස් කරන්න. ඒ කතාව කවුරුහරි විශ්වාස කරන්නේ නැත්තන් මෙන්න මේ ගීතය තමයි ඒකට උදාහරණය.
මේ ගීතය ප්‍රේමකීර්ති ද අල්විස් මහතා අතින් ලියවෙද්දී පොඩි අපූරු සිද්ධියක් වෙලා තියෙනවා. මේකේ අවසානයට තියෙන "මගෙත් දෙපා සිපගනු මැන" කියන පද ටික මුලින්ම තිබුණේ, "මගේ දෙපා සිප ගනු මැන" කියලා. නමුත් ගීතය ලියපු ප්‍රේමකිර්ති ද අල්විස් මහතා සහ මර්වින් පෙරේරා මහතා අතර පොඩි මතගැටුමක් ඒ වන විට ඇතිවෙලා අවසානයේ ප්‍රේමකීර්ති මහතා කියලා තියෙනවා "මෙහෙම සිංදුවක් උඹට කියන්න දෙන්න බෑ. හිටපන් මං වෙනස් කරන්න" කියලා "මගේ" කියන වචනයට "ත්" අකුර එකතු කරලා ගීතයේ අදහස සම්පූර්ණයෙන්ම අනික් පැත්තට හැරෙව්වා. ඉතින් "ත්" අකුර අයින් කලොත් ගීතයේ තියෙන තේරුමයි, "ත්" අකුර තියෙන කොටයි තියෙන වෙනස පද මාලාව බැලුවාම හිතාගන්න පුළුවන් නේ?
Kommentarer