කතරක තනිවී


කතරක තනිවී ඔබ යන අයුරු පෙනී පෙනී
හිම සීල මුදුනත සිටියද මහද ගිනි ගනී ගිම්හානය පැමිණේ එක් තැනම නොම රැදී පැමිණෙන දුක් පැණි රස බව නොසිතුනිද ළදේ
සඳ නොදන්නා නමුදු සඳට එලිය හිරු ගෙනි ඔබ නොදන්නා නමුදු ඔබට සෙවන මම වෙමි සෙනෙහස හද තුල උතුරා ගලනු දැනී දැනී තව විමසන සිරිතට නිහඩවම හිනේහෙමි
විසල් තුරු මුදුන් පල නැත නොපිපුණු කැකුළු දසන් දෙතිස කුමටද නැති විට මුව මුකුළු ගගක් ලෙස ගලා විත් නැමී නැමී දඟ වැදී මගෙත් දෙපා සිපගනු මැන සිහිල සිතට දී
ගීතයක පද රචනාවේ එක අකුරක් කියන්නේ හරිම වැදගත් දෙයක්. එක අකුරකට පුළුවන් ගීතයක් සම්පූර්ණයෙන්ම වෙනස් කරන්න. ඒ කතාව කවුරුහරි විශ්වාස කරන්නේ නැත්තන් මෙන්න මේ ගීතය තමයි ඒකට උදාහරණය.
මේ ගීතය ප්‍රේමකීර්ති ද අල්විස් මහතා අතින් ලියවෙද්දී පොඩි අපූරු සිද්ධියක් වෙලා තියෙනවා. මේකේ අවසානයට තියෙන "මගෙත් දෙපා සිපගනු මැන" කියන පද ටික මුලින්ම තිබුණේ, "මගේ දෙපා සිප ගනු මැන" කියලා. නමුත් ගීතය ලියපු ප්‍රේමකිර්ති ද අල්විස් මහතා සහ මර්වින් පෙරේරා මහතා අතර පොඩි මතගැටුමක් ඒ වන විට ඇතිවෙලා අවසානයේ ප්‍රේමකීර්ති මහතා කියලා තියෙනවා "මෙහෙම සිංදුවක් උඹට කියන්න දෙන්න බෑ. හිටපන් මං වෙනස් කරන්න" කියලා "මගේ" කියන වචනයට "ත්" අකුර එකතු කරලා ගීතයේ අදහස සම්පූර්ණයෙන්ම අනික් පැත්තට හැරෙව්වා. ඉතින් "ත්" අකුර අයින් කලොත් ගීතයේ තියෙන තේරුමයි, "ත්" අකුර තියෙන කොටයි තියෙන වෙනස පද මාලාව බැලුවාම හිතාගන්න පුළුවන් නේ?






































Comments