කොළොම්තොට නැත මහළු වී
- මාධව විජේසේකර
- May 21, 2017
- 1 min read



කොළොම්තොට නැත මහළු වී අවන් හල නැත පැරණි වී එදා හඳමයි අදත් යෞවනයේ
එහෙත් අප දෙදෙනා බලන් කැඩපත සොඳුරියේ
කුඹ ගසක් උඩ නැවතිලා සිනා තලමින් සඳේ ඇයි සරදම් බලන් කැඩපත සොඳුරියේ පාට වත්සුණු දෙකොපුලෙන් පිසදා
කොළොම්තොට.......
පෙරුම් පුරමින් හමුවෙලා උනුන් රහසින් බැන්ද ආදර පෙම් බලන් කැඩපත සොඳුරියේ කුමන අරුමද නර කෙසක් පැහිලා
කොළොම්තොට........
ලූෂන් බුලත්සිංහලයන්ගේ තාත්තා වරාය සේවකයෙක්. එතුමා පුංචි කාලේ තාත්තා එතුමාව වරාය පෙන්නන්න එක්ක ගෙන ගිය අවස්ථාවක එතුමා දැක්කා වරාය ඉදිරිපිට තියෙන ග්‍රෑන්ඩ් ඔරියන්ටල් හෝටලය. අවුරුදු ගණනාවකට පස්සේ එතුමා රූපවාහිනි සංස්ථාවේ වැඩ කරන කාලේ මේ හෝටලයේ උඩ තට්ටුවේ පවත්වපු සංස්ථා සංවත්සර සාදයකට සහභාගි වුණා.
කාලය ඉගිල ගියත් කොළොම්තොටයි අවන්හලයි තවමත් තරුණයි. ඒත් අපි වයසට ගිහිං. සඳ පෑයු රැයක හෝටලයේ උඩ තට්ටුවේ ඉඳන් බලද්දි වරායේ නැංගුරම් දමපු නැව් බුලත්සිංහලයන් දැක්කේ අමුතුම සෞන්දර්යයකින්. එතකොට තමයි මේ ගී සංකල්පනාව එතුමාගේ හිතට පහළ වුණේ.
මේ ගීතයේ වචන වලට අමරදේව මහතා නම් ටිකක් අකමැති වෙලා තියෙනවා. නමුත් පස්සේ එකඟවෙලා ගීතය ගායනා කරලා තියෙනවා.
Comments