එපා කඳුලැල් සලා
- මාධව විජේසේකර
- May 21, 2017
- 1 min read

පද : කුමාරි ලංකා ලියනගේ
එපා කඳුලැල් සලා
හඬන්නට ඔබේ නෙත මල් සුවඳ ගලා සිප ගනී ඔබේ මුව...// එපා සුසුමන් හලා රිදවන්න ඔබේ හද...// සියොත් කැල ගී ගයා සතපවයි ඔබේ සිත...// ආදර හැඟුමන් සලා මිරිඟුවක වෙලෙන් එපා..// ඔබේ හද පුදසුනේ හිමි කුමරු එන තුරා..//
මේ ගීතය රචනා කරලා තියෙනේ ආත්මා ලියනගේ මහතාගේ ආදරණීය බිරිඳ කුමාරි ලංකා මහත්මිය. ඇයට ලස්සනට නිසඳැස් ලියන්න පුළුවන්. ඉතින් මේ නිසා ඇය තම සැමියාටත් පද රචනාවක් ලියා දෙනවා. ලියපු කොලේ ආත්මා ලියනගේ මහතාගේ අතට ලැබෙන විටම එතුමාට ක්ෂණිකව මේ තනුව හිතට ආවාලු. එතුමා කියන විදියට ඒ තනුව හිතින් අමතක කරලා පස්සේ තනුව යෙදුවා නම් මීට වඩා වෙනස් තනුවක් නිර්මාණය වෙන්නත්, සමහරවිට ඒ නිසා මේ ගීතය ජනප්‍රිය නොවෙන්නත් තිබුණා. ඒ නිසා ආත්මා ලියනගේ මහතා කියන්නේ, තමන්ගේ බිරිඳ මේ පද රචනාව තමන්ට දුන්නේ, නියම නැකතක් බලලා කියලයි. ඒ නිසාම නේ අදටත් මේ ගීතය අපි රසවිඳින්නේ.
Comments