ඇගෙ සිනහව තහනම්
- මාධව විජේසේකර
- May 21, 2017
- 1 min read



ඇගෙ සිනහව තහනම් ගෙදරින් මට තහනම්
සැළ වෙයි ගෙදරට ඇය හමුවුණොතින් චර පුරුෂයො දැන් මා වටලා
යන එන හැම තැන් මුරදාලා...
යාබද නිවසේ ඇය ඉන්නේ එනමුදු ගව්වක දුර වැන්නේ එනමුදු ගව්වක දුර වැන්නේ යාබද නිවසේ ඇය ඉන්නේ...
පෙළපත කුලගොත වෙනස් වෙලා නෑදෑ පිරිවර හරස් වෙලා නෑදෑ පිරිවර හරස් වෙලා පෙළපත කුලගොත වෙනස් වෙලා...
මේ ගීතයේ තනුව උපාලි කන්නන්ගර මහතා අතින් පළමුව නිර්මාණය වෙලා දෙවනුව පද රචනාව සිදු වූ ගීයක්. තනුව නිර්මාණය කරලා තියෙන්නේ Slow Rock කියන සංගීත ආකෘතියට අනුව. එය ඒ කාලයේ ලංකාවේ එතරම් ජනප්‍රිය නොවුණත් අමුතු වෙනසක් ඇති කරන්නට හැකි වුණා.
ගීතයේ පද මාලාව ලියවුණු ආකාරය අපූරුයි. පළමුව මේ තනුවට කේ. ඩී. කේ. ධර්මවර්ධනයන් රචනා කරලා තියෙන්නේ, නිවසක හාම්පුතෙක් තම මෙහෙකාරියට දක්වන ඇල්මක් ගැන කියවෙන ගීතයක්. නමුත් ඒ පද රචනාවට චන්ද්‍රකුමාර කඳනාරච්චි මහතා එතරම් කැමති වෙලා නැහැ. පසුව ගුවන්විදුලි සංස්ථාවෙන් එළියට ඇවිත් එවකට ටොරිංටන් ප්‍රදේශය ආශ්‍රිතව තිබුණු මහජන පොළට ගොස් එහි තිබූ කිරිහලකට වෙලා කිරි වීදුරුවක් පානය කරමින් සිටින අතරේ දී, ධර්මවර්ධනයන් තමන් පළමුව ගීතය ලියූ කඩදාසිය ගෙන පෑනෙන් සම්පූර්ණයෙන් කතිරයක් ගසා කපා දමනවා. ඉන් පසු කඩදාසිය අනෙක් පැත්ත හරවා, "ඇගෙ සිනහව තහනම්" මුල් පද ටික ලියනවා. ටිකක් වෙලා කල්පනා කරලා ඉතිරි පද ටිකත් හෙමීට ලියනවා. අවසානයේ ගීතය සම්පූර්ණ වී කඳනාරච්චි මහතා ගයනවා.
Comments