top of page
Search

අව්වේ යන අඟනුන්නේ

  • මාධව විජේසේකර
  • May 20, 2017
  • 1 min read

හඬ සහ තනුව : ආත්මා ලියනගේ

පද : බඹර කැපීමේ ගී ඇසුරින්


අව්වේ යන අඟනුන්නේ වරුවක වැඩ නැත උන්නේ

කළේ සමග බඩගින්නේ අනේ අපට පැණි දෙන්නේ

අනේ අපට පැණි දෙන්නේ//


මේ හේනේ කොයි ගොයියා කොයි අතකට ගිය ගොයියා මේ හේනේ කොයි ගොයියා කොයි අතකට ගිය ගොයියා නිල්ල මලේ ගිය ගොයියා හවසට පැණිදෙති ගොයියා හවසට පැණිදෙති ගොයියා


මම කිව්වට පැණි කෙටුවා හොඳ හොඳ පැණි ගෙට කෙරුවා මම කිව්වට පැණි කෙටුවා හොඳ හොඳ පැණි ගෙට කෙරුවා

රොඩු බොඩු ටික මට බෙදුවා අවඩිගෙ කට රස කෙරුවා අවඩිගෙ කට රස කෙරුවා


මේ ගීතය බඹර කැපීමේ ගීත ඇසුරින් ලියවුණු ගීතයක්. චන්දන ෆොන්සේකා නම් ආත්මා ලියනගේ මහතාගේ මිත්‍රයෙක් ලබා දුන් ජන ගී කෘතියක තිබූ කවි 3ක් තමයි මේ ගීතයට යොදාගෙන තියෙන්නේ. කවි ටික දැකපු ගමන් සිතට ආපු තනුව තමයි අපි මේ රසවිඳින්නේ.

Featured Posts
Recent Posts
Archive
Search By Tags

© 2016 by Madhawa Wijesekara. Proudly created with Wix.com

Send me your comments

Success! Message received.

bottom of page