සාගර තරංගා
- මාධව විජේසේකර
- May 15, 2017
- 1 min read



සාගර තරංගා සුදු වෙරළ සිබින්නා නුහුරු නුපුරුදු දූපතේ ඔබයි මමයි මමයි ඔබයි නොබිදෙන සෙනෙහසින්
මේ ගයන්නේ ආදරේ ගීතයයි මහ සමුදුරෙන් එහා මේ පුංචි නවාතැනේ දැල්වෙන පහන්සිලෙන් ඔබේ දෙනෙතට එබී මේ ගයන්නේ ආදරේ ගීතයයි සාගර තරංගා... සිත ඉගියකින් සැලී ගිනියම් දිගන්තයේ බොල් පිණි සුලන් දැලෙන් ඔබේ දෙනෙතට එබී මේ ගයන්නේ ආදරේ ගීතයයි සාගර තරංගා...
මේ ගීතය නිර්මාණය වූයේ 1996 වසරේ දී. ඒ රොඞ්නි විදානපතිරණ අධ්‍යක්ෂණය කළ සාගර තරංගා ටෙලිනාට්‍යයටයි. එය ශ‍්‍රී ලංකා - මාලදිවයින් ඒකාබද්ධ නිෂ්පාදනයක්. රූගතකිරීම් තිබුණේ මාලදිවයින් දූපත්වලයි. සංගීත කණ්ඩායමක් වටා ගෙතුනු මෙම ටෙලිනාට්‍යයේ ජගත් වික්‍රමසිංහයන් ගී ගයමින් රඟපාන්නට නියමිතව තිබුණා. මීට අමතරව මධු මාධව අරවින්ද, නිල්මිණී තෙන්නකෝන්, අමිත්ත වීරසිංහ ඇතුළු ශ්‍රී ලාංකික නළු නිළි පිරිසක් දායකවන්නට ගියා. ඊට අමතරව මාලදිවයින් නිළියක්ද මෙහි චරිත නිරූපණය කළා. පසුබිමින් ඇයට ඇසෙන ගීතය හැටියටත් මේ ගීතය මරියසෙල් ගුණතිලක මහත්මියගේ හඬින් පටිගත වූවා.
ඒත් මේ ටෙලිනාට්‍යය අතරමග නතරවුණේ මාලදිවයින මුහුදේදි හටගත් දරුණු කුණාටුවක් නිසයි. කුණාටුවෙන් අනූ නවයෙන් දිවි බේරාගත් නළු නිළියන් සහ නිෂ්පාදක කණ්ඩායම නැවත ලංකාවට ආවා. ටෙලිනාට්‍යය නැවතුණත් ගීතය ඉතිරි වුණා.
Yorumlar