top of page
Search

පුන් සඳෙන් රැස් ගං තෙරෙන්

  • මාධව විජේසේකර
  • May 15, 2017
  • 2 min read

හඬ : පුන්සිරි සොයිසා

තනුව : ආර්. ඒ. චන්ද්‍රසේන

පද : පී. එම්. සේනාරත්න

පුන් සඳෙන් රැස් ගං තෙරෙන්

කොත් කැරැල්ලෙන් බෝ මළුවෙන්

සීත සමීරෙන් චන්දන කල්කෙන්

සතුට උදාවේවා මිහිර බෙදා දේවා //

හඳට හඳක් නැත මෙහෙම හඳක් නැත

පෝය දාට පෑ හඳ වාගේ

හඳට හඳක් නැත මෙහෙම හඳක් නැත

මිහිකත සනහන හඳ වාගේ

පුන් සඳෙන්...

කකුසඳ කෝනාගම සහ කස්සප

ගෞතම බුදුවරු දැක්ක සඳේ

මතු බුදුවන මෙත් හිමිගේ මහිමය

මේ ගීතය මුලින්ම ගායනා කලේ වික්ටර් රත්නායක මහතා. නමුත් යම් හේතුවක් නිසා ඒ ගීතය ගුවන්විදුලියෙන් ප්‍රචාරය වුණේ නැහැ. ඔය අතරේ දී පුන්සිරි සොයිසා මහතා ආර්. ඒ. චන්ද්‍රසේනයන්ගෙන් සංගීතය ඉගෙන ගන්නට එනවා. එතුමාගේ සරල ගී වැඩසටහනකට ගීත තුනක් සාදා දෙන්න කියා තම ගුරුවරයාගෙන් ඉල්ලූ විට, "උඹ කියපන් මේක" යනුවෙන් මේ ගීතය ලබා දෙනවා. "අනේ මාස්ටර් මම කොහොමද මේක කියන්නේ." යැයි පුන්සිරි මහතා කියූවිට, "පැහෙන්නේ නැතුව කියපන්" යනුවෙන් කියා තිබෙනවා. ඒ සමගම සෙව්වන්දියකට පෙම් බැන්දා සහ රුදුරු දසුනක් ගීත දෙක ද සමන් චන්ද්‍රනාත් වීරසිංහයන් අතින් ලියා තිබූ නිසා ඒ ගීත දෙකට ද තනු නිර්මාණය කර සරල ගී වැඩසටහනට ගැයූ පසු නොකඩවා මේ ගීතය ප්‍රචාරය වූවා.


ආර්. ඒ. චන්ද්‍රසේන මහතා ගැන සැකෙවින්.

1924 වසරේ අගෝස්තු 27 වෙනි දින මහනුවර ත්‍රිකුණාමල වීදියේ අංක 842 නිවසේ ආර්.ඒ. චන්ද්‍රසේන මහතා උපත ලැබීය. පාසල් අධ්‍යාපනයට වඩා චන්ද්‍රසේනයන්ගේ සිත ඇදී ගියේ සංගීතයටයි. මේ නිසාම පියා දිනක් ඔහුට බැණ වැදුණේ ඔහුගේ වයලීනයද පොළොවේ ගසමින්ය. එය ඔහුගේ ජීවිතය වෙනත් මගකට යොමු කළේය. ඒ නිසා ඔහු එදින නිවසින් පිටවී ගියේය. ඔහු කොළඹ නගරයට ආ පසුව එහිදී සෝමචන්ද්‍ර සේනාරත්න හමුවිය. එහිදී “අන්ධ ආලය“ නැමැති වේදිකා නාට්‍යයේ සංගීතය සැපයීමට ඔහුට අවස්ථාව සැලසිණි.


1940 දශකයේදී ඔහු කැළණියේ ධර්මාලෝක විද්‍යාලයේ ඉගෙනීම සඳහා ගියේය. සංගීතයෙන් දස්කම් පෑ ඔහු විදුහලේම ශිෂ්‍ය ගුරුවරයෙකු ලෙසට පත්විණි. ගුවන් විදුලි සංස්ථාවේ ළමා තීරයේ සංගීතය පවා සැපයුවේ චන්ද්‍රසේන මහතා විසින්මය. එතුමාට මැන්ඩලීනයද, සර්පිනාවද, තබ්ලාවද, වයගීනයද, යන සියලුම භාණ්ඩ හොඳින් වාදනය කළ හැකි. එකල සෑම සංගීත ශිල්පියෙකුටම ඔවුන්ගේ සරල ගී වැඩසටහනක් සඳහාද, ගුවන් විදුලි නාට්‍යයන් සඳහාද සංගීතය සැපයුවේ චන්ද්‍රසේනයන් විසින්ය. තවද ඒකල වාදනද, සමුහ වාදනය, සරල ගී වැඩසටහන්ද ඉදිරිපත් කිීමෙන් මහත් ජනාදරයට පත් වුයේය.


1946 ජුලි මස 26 වෙනි දින ආර් ඒ චන්ද්‍රසේන මහතා විවාහ විය. චිත්‍රපටය, වේදිකාව, ගුවන් විදුලි යන සියල්ලටම සංගීතයෙන් දායක වූ චන්ද්‍රසේනයන් 1980 මාර්තු 1 වනිදා අලුයම මෙලොව හැර ගියද, ගුවන් විදුලි ඉතිහාසයේ මෙන්ම සංගීත ඉතිහාසයේද මොහුගේ නම රන් අකුරින් ලියැවේ. නාට්‍ය

  • අන්ධ ආලය (වේදිකා නාට්‍ය)

  • ධර්මපාල ජාතකය

  • මහින්දාගමනය (මුද්‍රා නාටකය)

  • සඳ කිඳුරු (මුද්‍රා නාටකය)

සංදර්ශන

  • පංචාංගනී (1968)

  • ලලිතාංග (1968)

චිත්‍රපට සංගීතය

  • මිරිඟුව

  • කොළඹ හාදයෝ

  • වැදි බිම

  • දෛව විපාකය

  • දුගී නාදය

සම්මාන

  • සරසවි සම්මානය(හොඳම සංගීත අධ්‍යක්ෂණය) 1967

Comments


Featured Posts
Recent Posts
Archive
Search By Tags

© 2016 by Madhawa Wijesekara. Proudly created with Wix.com

Send me your comments

Success! Message received.

bottom of page