නිල් උපුලී මල් කැකුලී
- මාධව විජේසේකර
- May 14, 2017
- 1 min read


තනුව : පද්මසිරි පැස්කුවල්
නිල් උපුලී - මල් කැකුලී //
මාගේ සිතේ - සැංගී නොයේ මිහිරාවියේ ආදරේ
නිල් උපුලී - මල් කැකුලී //
මා ජීවිතේ සංවේදනා පාවිලා යාවී - මල් මී වැහේවේ // ආරාධනා ඉඟි පෑවාදෝ - දෑසින් කියා පෙම් සුවේ නිල් උපුලී - මල් කැකුලී //
මාගේ ළයේ පෙම් කල්පනා නෑවිලා යාවී - ඉන් මා සැහේවී // ආයාචනා ඉඟි පෑවදෝ - පෑහෙන්න මේ ලොවේ නිල් උපුලී - මල් කැකුලී //
මේ ගීතයේ තනුව නිර්මාණය කරලා තිබුණේ කීර්ති පැස්කුවල් මහතාගේ අයියා වන පද්මසිරි පැස්කුවල් මහතා අතින්. මේ තනුව වෙනත් ගායකයෙකුට නිර්මාණය කරලා තිබුණේ. නමුත් හදිසියේම කීර්ති පැස්කුවල් මහතාට රූපවාහිනී වැඩසටහනකට සහභාගීවෙන්නට තිබුණා. එහිදී අලුත් ගීතයක් ගයන්නයි නියමිතව තිබුණේ. වැඩසටහන හෙට උදේ. අවසානයේ දී කලින් දවසේ රාත්‍රියේ තමන්ගේ සහෝදරයාගෙන් මේ ගීතයේ තනුව ඉල්ලාගෙන කීර්ති පැස්කුවල් මහතා යනවා හේමසිරි හල්පිට මහතා සොයාගෙන. එතුමාගේ ම වාහනයේ නැගලා තනුව අහලා හල්පිට මහතා ගීතය රචනා කරනවා. රාත්‍රියේ ම පුහුණුවීම් කරලා පසු දින වැඩසටහනට ගායනා කල පසු ඉතා ජනප්‍රිය ගීතයක් බවට මේ ගීතය පත්වුණා.
Comments