කවිකාරියේ
- මාධව විජේසේකර
- May 14, 2017
- 1 min read




කවිකාරියේ සිංදු කියනා ළඳේ නුඹදෝ රැහේ කෝකිලා
මගෙ පාඩුවේ යන්ට යනවා ඔහේ අනේ ස්වාමී හැන්දෑ වෙලා // දෙකනේ රිදී තෝඩු ලා නළලේ කොකුම් පාට ලා වීණා වයා තාලෙටා කවි ගී අසා ආවේ මා වීණා වයා කවි ගී ගයා අපි යන්නේ රුපියල් සොයා කවිකාරියේ ... හිඟමන් නොයා මාවතේ මහදේ රැඳෙන් රූපිකා සසරේ ගෙනා ආදරේ අඳුරයි ඔබේ දෝතටා දෙවි සාමිනේ මංදා අනේ සිත මාගේ චංචල වෙලා කවිකාරියේ ...
එක්තරා ගමක හිටියා තරුණයෙක්. ඔහු එවකට හිටියේ හිරිමල් භද්‍ර යෞවනයේ. ඉතින් දවසක් ඔහු තමාගේ ගමේ පානදුරේ, සරික්කාරිමුල්ල, කෙසෙල්වත්ත, දිග්ගල පැත්තේ ඇවිදගෙන යනකොට දැක්කා අහිකුණ්ඨික පවුලක් පදිංචිවෙලා ඉන්නවා. ඒ පවුලේ හිටියා අතිශයින්ම රූමත් ගැහැණු ළමයෙක්. ඉතින් ඇයව දැක්කාම මේ තරුණයාට පුදුම ආදර හැඟීමක් ඇතිවුණා. දවසක් දෙකක් මොහු පස්සෙන් යනවා. ගිහින් බැල්මක් දානවා. හැබැයි ආදරය නම් ලැබුණේ නෑ. ඒ නිසාම ඉන් එහාට ඒ ආදර කතාව දිගු වුණේ නෑ. මේ තරුණයා පසුකාලීනව ලංකාවේ ප්‍රවීණ ගීත රචකයෙක් වෙනවා. ඔහුට මතක් වෙනවා මේ සිද්ධිය. එය ගීතයකට නැගුණොත් හොඳයි කියලා ඔහුට හිතෙනවා. ඒ නිසා ඔහු අතින් මේ ගීතය ලියවෙනවා. මේ ගීත රචකයා අන් කවරෙකුවත් නොව සමන් චන්ද්‍රනාත් වීරසිංහයි. තනුව මහින්ද බණ්ඩාරයන්ගේ.
මේ ගීතය නිර්මාණය වුණු ආකාරය ගැන කියනවා නම් මුලින්ම මහින්ද බණ්ඩාරයන් තනුව නිර්මාණය කරලා තිබුණා. තමන්ගේ බිරිඳ ධම්මිකා වල්පොල මහත්මිය සමග ගයන්නට හැකිවන පරිදි කීර්ති පැස්කුවල් මහතාට ගීතයක් ලියලා දෙන්න කියලා එතුමා සමන් චන්ද්‍රනාත් වීරසිංහයන්ට ලබා දුන් අවස්ථාවේ මේ තනුව ඇසුණු විටම තමන්ගේ පැරණි සිදුවීම මතකයට නගා සමන් චන්ද්‍රනාත් වීරසිංහයන් පද රචනා කරලා දෙනවා.
Comments