top of page
Search

සුළඟ නුඹ වගේ

  • මාධව විජේසේකර
  • May 13, 2017
  • 1 min read

හඬ : කරුණාරත්න දිවුල්ගනේ

පද : යමුනා මාලිනී පෙරේරා

තනුව : විශාරද ගුණදාස කපුගේ

සුළඟ නුඹ වගේ - සිත් මල වටා එතී මල් සුවඳ හොර හොරෙන් අරං යන්නටම හදයි වැස්ස නුඹ වගේ සිත් මලට ඇද වැටී මලේ පාට නොසේදීම පුදුමයක් තමයි.........

සිත හැඳිනුවෙත් නුබයි

පසු පසම එලව එලවාවිත් සැනසුවෙත් නුඹයි

නුඹ මගේ හිත අරං ගියා

පුදුමයක් නෙවෙයි.........

සිත තනි කලෙත් නුඹයි මගේ හිතේ සියුම් තැන් සොය සොය රිදෙව්වෙත් නුඹයි ඒත් නුඹෙන් සිත නොමිදෙයි පුදුමයක් තමයි..........


"මම ආදරේ කරන්න බෑම කියද්දි මගේ පස්සෙන් ඇවිත් මාව අදරේ කරන්න පොලබවා ගත්තේ එයා. අන්තිමට මට දුකක් දීලා එයා යන්න ගියා. ඒත් මම එයා එක්ක තරහා නෑ. මට තරහ වෙන්න බෑ. මම එයාට වෛර කරන්නේ නෑ. ආදරේ කරපු හිතින් මට එයාට වෛරකරන්න බෑ".


මේ කතාව කිව්ව ඇගේ ගම ගාල්ල. ගාල්ලේ කොටු පවුර මත ඉඳගෙන මිතුරියන් සමග සතුටින් හිටපු ඇය ඇගේ පස්සෙන් ඇවිත් ආදරේ ඉල්ලන කොල්ලා ගැන මිතුරියන්ට පැවසුවා. අන්තිමේදි ඇය ඔහු හා පෙමින් බැදී වසර 3ක් විතර පෙම් සුව විදලා පෙම්වතා ඇයව හැර යනවා, මේ සිදුවීම එදා ඇයත් සමගම පවුර මත හිටපු ඇගේ මිතුරියන්ගෙන් කෙනෙක් වූ යමුනා මාලිනී පෙරේරා මහත්මියගේ සිතෙහි හටගත් සිතුවිල්ල තමයි මෙලෙස ගීතයක් වෙන්නේ.

Commentaires


Featured Posts
Recent Posts
Archive
Search By Tags

© 2016 by Madhawa Wijesekara. Proudly created with Wix.com

Send me your comments

Success! Message received.

bottom of page