top of page
Search

මරතෝණ්ඩිය රටා ඇඳී අතේ කැකුළු හිතේ

  • මාධව විජේසේකර
  • May 13, 2017
  • 2 min read

හඬ : කරුණාරත්න දිවුල්ගනේ

පද : මහින්ද චන්ද්‍රසේකර

තනුව : විශාරද ගුණදාස කපුගේ

මරතෝණ්ඩිය රටා ඇඳී අතේ කැකුළු හිතේ මොට්ටැක්කිලි තිරෙන් වැසී රටා වැලපෙතේ මූක්කු තෝඩි තිරුවංගල් එළියට අත වනනා

රාමලාන් සඳ බලන්න එන්න පාතිමා // වාන්ගු හඬ පූජාවේ තුන්යමටම ඇසෙනා තාංගු දෙයි හීන් දුකක් හිත ළඟ ගුලි ගැහිලා කාන්සියට පැළලි වැටේ කවුළු දොරින් එබෙනා හීන් සැරේ ගෙට යනවද හිත දොරකඩ තියලා // මරතෝණ්ඩිය රටා ඇඳී... එළු රෑනේ වැලි පාරේ පිය සටහන් මකලා මුන්දානිය ගෙල එතුණා නුඹ එහි සිර කරලා පාට පාට සමනළියන් පැළලි වැටෙන් දකිනා හීන වඩන හිත් ගොමුවේ කඳුළු මලක් පිපුණා //

මේ ගීතය රචනා කල මහින්ද චන්ද්‍රසේකර මහතා ගුරු වෘත්තියේ යෙදෙන කාලයේ පානම, පොතුවිල් ආදී ප්‍රදේශවල සේවය කරලා තියෙනවා. ඉතින් එතුමා ඒ ප්‍රදේශවල මුස්ලිම් ගම්මාන ගැන හොඳට නිරීක්ෂණය කරලා තියෙනවා, ඔවුන්ගේ සංස්කෘතිය, අභිචාර විධි ගැන එහෙම. ඒ වෙනකොට එතුමා විවාහ වෙලා නැහැ. එතුමා විවාහ වෙන්නෙත් පොතුවිල් වලදී මුණගැසුණු තරුණියක් එක්ක. හැබැයි ඇය සිංහල කාන්තාවක් හොඳේ!!!!


මුස්ලිම් සංස්කෘතිය ඇවිල්ලා හරිම ආවෘත සංස්කෘතියක්. පිට කාටවත් ඒ සීමාවෙන් ඇතුළට යන්න බැහැ. අපි එයට ගරු කරන්න ඕන. කිසිම ආගමක් හෝ ජාතියක් තවත් ආගමකට යටත් නැහැ. ඉතින්, මහින්ද චන්ද්‍රසේකර මහතා තමන් නිරීක්ෂණය කල කරුණු එක්රැස් කරලා හරිම අපූරු විදියට ගලපලා මේ ගීතය රචනා කරලා තියෙනවා. හරිම ලස්සනට රූපාවලි අපේ හිතේ ඇඳෙනවා.


සාමාන්‍යයෙන් මුස්ලිම් තරුණියන්ට කාන්තාවන්ට ඔවුන්ගේ ඉස්ලාම් ධර්මයේ හැටියට යම් යම් සීමාවන් තිබෙනවා. ඒ නිසාම ඔවුන්ට නිදහස අහිමි බවක් තිබෙනවා කියා මට සිතෙනවා. එසේ ඉන්න මුස්ලිම් තරුණියකට තිබෙන සීමාවෙන් එළියට එන්න කියලා හරිම අහිංසක විදියට ඉල්ලන සිංහල තරුණයෙක්ගේ දෘෂ්ටි කෝණයෙන් මේ ගීතය රචනා වෙලා තියෙන්නේ.

  • මරතෝණ්ඩිය රටා ඇඳී අතේ කැකුළු හිතේ - මොට්ටැක්කිලි තිරෙන් වැසී රටා වැලපෙතේ - මුස්ලිම් අත්වල ලස්සනට මරතෝණ්ඩිය රටා ඇඳලා තියෙනවා. හැබැයි ඒවා මොට්ටැක්කිලි තිරෙන් වැසිලා තියෙන නිසා එළියට පේන්න නැතිව වැලපෙනවා.

  • මූක්කු තෝඩි තිරුවංගල් එළියට අත වනනා - රාමලාන් සඳ බලන්න එන්න පාතිමා - මූක්කු තෝඩි තිරුවංගල් කියන්නේ, දිලිසෙන ආභරණ වර්ග. ආලෝකයට අතවනලා කතා කරනවා එන්න බැබලෙන්න කියලා. හඳ බලන්න එන්න එළියට. ඇතුළේ කොටුවෙලා ඉඳලා බලන්න ඕන නෑ.

  • වාන්ගු හඬ පූජාවේ තුන්යමටම ඇසෙනා - තාංගු දෙයි හීන් දුකක් හිත ළඟ ගුලි ගැහිලා - ඉස්ලාම් අයගේ යාච්ඤාවන් ඇහෙනවා මුළු දවස පුරාම. ඒවා ඇහෙන කොට පුංචි දුකක් ඇතිවෙනවා ඒ තැන්වලට යන්න බැරි නිසා.

  • කාන්සියට පැළලි වැටේ කවුළු දොරින් එබෙනා - හීන් සැරේ ගෙට යනවද හිත දොරකඩ තියලා - ගේ ඇතුළේම ඉඳලා කාන්සිය හැදුණාම වැටේ කවුළු දොරින් එබෙනවා. ඇගෙන් අහිංසක ඉල්ලීමක් කරනවා හිත දොරකඩ තියලා ආපහු යනවද කියලා.

  • එළු රෑනේ වැලි පාරේ පිය සටහන් මකලා - මේක මහින්ද චන්ද්‍රසේකරයන් ඇස් දෙකට දැකපු දෙයක් ඇසුරින් රචනා කරලා තියෙන්නේ. පොතුවිල් පැත්තේ එළු පට්ටි තියෙනවා. මුස්ලිම් තරුණියන් මේ එළු රෑන් දක්කාගෙන යනවා බොහෝ දුර.

මේ ගීතයට සංගීතය සැපයුවේ විශාරද ගුණදාස කපුගේ මහතා තමන්ගේ උපන්දිනය දවසක වීමත් විශේෂයි. එනම් අගෝස්තු 7 දාවක.

Comments


Featured Posts
Recent Posts
Archive
Search By Tags

© 2016 by Madhawa Wijesekara. Proudly created with Wix.com

Send me your comments

Success! Message received.

bottom of page