සොබා අලංකාරේ මුහුණේ - අල්ලපු ගෙදර (1965)



සොබා අලංකාරේ මුහුණේ
තමන්ට දැක ගන්නට බැහැනේ
බලන්නේ ඒ ශ්‍රියාව කැඩපතට එබීලයි
වන වැල්ද දැවටෙන්න සරණේ සොයයි //
සුසීත ගංගා ජලේ
නීල දියරැල්ල වෙරළේ එළේ //
ඔරු පාරු තිබුණාට ඉන් නෑ පලේ
පැද යන්න හබලක් ද ඕනෑ ජලේ
සොබා අලංකාරේ මුහුණේ...
පැසීලා ඇති පාඩුවේ
මිහිරි රසදායී ඵල ජාති වේ //
දුරදී ම දැකලා දැනේදෝ කෙසේ
ගෙඩි කන්නේ නැති දිවට නොදැනේ රසේ
සොබා අලංකාරේ මුහුණේ...
අපි ඉතාම ආදරේ කරන චිත්‍රපටියක් වූ "අල්ලපු ගෙදර" චිත්‍රපටියේ තමයි මේ ගීතය ඇතුළත් වුණේ. මෙහි ඇත්තටම ඉතා ම සිත්ගන්නා විකට දර්ශන රැසක් තිබුණා. හාස්‍යය කැටිකරගත්තත් අපූරු ආදර්ශමත් ගීත මෙහි ඇතුළත් වෙලා තිබුණා. දෙමළ චිත්‍රපටියක් වූ "අඩුත වීඩු පෙන්" හි අනුකාරකයක් ලෙසයි මෙය නිර්මාණය වුණේ.
මේ ගීතයේ සරල අදහස ඇත්තට ම මේ ලෝකේ කිසිම දේකට තනිව පවතින්න බැහැ කියන එකයි. ප්‍රායෝගික ජීවිතේ උදාහරණ වලින් එය දක්වා තිබෙනවා.
තමන්ගේ මුහුණ බලන්න කණ්ණාඩියක් ඕනේ.
වැලකට තනිව ම හැදෙන්න බෑ එතෙන්න ගහක් ඕනමයි.
ගඟක දිය රැලි වෙරළේ ගෑවෙනවාමයි.
ඔරුවක් පදින්න අනිවාර්යයෙන් ම හබලක් ඕනේ.
ගහක ගෙඩියක් කන්නේ නැතුව රස බලන්න බෑ.
අල්ලපු ගෙදර චිත්‍රපටිය ගැන සැකෙවින් :
තිරගත කළ දිනය – 1965 සැප්තැම්බර් 17
නිෂ්පාදනය - කේ. ගුණරත්නම්
අධ්‍යක්ෂණය – එම්. මස්තාන් (ඉන්දීය ජාතික)
කතා පිටපත – ‘අඩුත වීඩු පෙන්’ ද්‍රවිඩ චිත්‍රපටය ඇසුරිනි
දෙබස් - කේ. හියුගෝ ප්‍රනාන්දු
කැමරාව - ඒ. වී. එම්. වාසගම්
සංස්කරණය - එස්. රාමනාදන්
සංගීත අධ්‍යක්ෂණය – ආර්. මුත්තුසාමි
ගීත ප්‍රබන්ධය – කරුණාරත්න අබේසේතර
ගීත සංඛ්‍යාව - 11
ගීත හා ගායන ශිල්පීන් :
සාගර රැජිනට ආදරෙයි කියා - සුජාතා පෙරේරා, මල්ලිකා කහවිට
සුවබර සුන්දර දෙපසේ - සුජාතා පෙරේරා
මේ පිපාසිත ලෝතලේ - ජේ. ඒ. මිල්ටන් පෙරේරා
සතෙක් ද පිරිමියෙක් ද – මල්ලිකා කහවිට
පියා සලන ඉගිල්ලී - මොහිදීන් බෙග් - සුජාතා පෙරේරා
සැතපෙන කල හිඳ - සුජාතා පෙරේරා
ප්‍රානේ සමයි මං ආදරෙයි - සුජාතා පෙරේරා
පායන ඉර වාගේ – මොහිදීන් බෙග්, සුජාතා පෙරේරා
ළිඳ තුළ මැදි වුණ මැඩියා - මොහිදීන් බෙග්, ආර්. මුත්තුසාමි
මහ ඝන වනන්තරේ - ජේ. ඒ. මිල්ටන් පෙරේරා
සොභා අලංකාරේ මූණේ - ජේ. ඒ. මිල්ටන් පෙරේරා
ගීත පටිගත කිරීම – විජය චිත්‍රාගාරය, හැඳල
ගීත පොත් - ඇම්. කේ. පොන්නයියා පිල්ලේ
නළු නිළියන් :
කේ. හියුගෝ ප්‍රනාන්දුු
ලිිලියන් එදිරිසිංහ
ක්ලැරිස් ද සිල්වා
ජෝශප් සෙනෙවිරත්න
ජෝ අබේවිත්‍රම
බී. ඇස්. පෙරේරා
සන්ධ්‍යා කුමාරි
රිචට් ඇල්බට්
ඇන්තනි සී. පෙරේරා
රූබි ද මෙල්
ක්‍රිස්ටි ලෙනාඩ් පෙරේරා
ශාන්ති ලේඛා






































Comments