top of page
Search

පෙම් අප්සරාවෝ

  • මාධව විජේසේකර
  • May 11, 2017
  • 1 min read

හඬ : මිල්ටන් පෙරේරා

පද : කරුණාරත්න අබේසේකර

තනුව : එම්. කේ. රොක්සාමි

පෙම් අප්සරාවෝ මල් සරා සිනාවේ

ආදරේ සිතාරේ ගුම් නගාවි ජීවේ // පෙම් අප්සරාවෝ

රන් තරු නිදන් කෙරූ දෑසෙ මම්

කල් බලා නිසල් සුවේ වාස වෙම් රතී රඟන නිතඹ සලන

සොඳුරු පියඹ රන් කිරිල්ල පෙම් අප්සරාවෝ...

සත් සරේ හඞින් පිරී වදන් ඔබේ

මත් කරේ සවන් මගේ රසින් මිදේ මහද අරණ සුවඳ කරන් සුළඟ රැගෙන හනික එන්න පෙම් අප්සරාවෝ...

මේ ගීතය කරුණාරත්න අබේසේකර මහතා රචනා කරලා තියෙන්නේ, සම්මාන උළෙලකදී නිවේදකයෙක් ලෙස කටයුතු කරන අතරේ දී. පලවෙනි පේලිය ලියා ඊළඟ අයිතමය නිවේදනය කල පසු ඉතුරු පේලිය ලියා තම පියාට මේ ගීතය එතුමා විසින් රචනා කර දුන් බව මිල්ටන් පෙරේරා මහතාගේ පුත් ප්‍රියංකර පෙරේරා මහතා රූපවාහිනී වැඩසටහනක පවසා තිබුණා. මෙහි තනුව එම්. කේ. රොක්සාමි මහතා විසින් නිර්මාණය කර තිබුණත් මූලික ආකෘතිය හින්දි තනුවක් බවයි ප්‍රියංකර පෙරේරා මහතා පවසා සිටියේ.

Комментарии


Featured Posts
Recent Posts
Archive
Search By Tags

© 2016 by Madhawa Wijesekara. Proudly created with Wix.com

Send me your comments

Success! Message received.

bottom of page